විසිදැල් ගැසීම ……!

0
1186
විසිදැල 2විසිදැල් ගැසීම /දැමීම මෙම සාම්ප්‍රදායික ධීවර ක්‍රමය කාලයක් ඉතාමත් බහුලව දැකිය හැකි විය.
මීගමුව කලපුවේ ඉස්සන් ඇල්ලීම සදහා ධීවරයෝ මෙම සාම්ප්‍රදායික ධීවර ක්‍රමය භාවිතා කලහ. අතීතයේ දී මේ සදහා අවශ්‍යවන විසිදැල ධිවරයෝ තමන් විසින්ම අතින් මසා ගත් අතර ඒ සදහා මාස කිහිපයක් ගතවිය.
පසු කලෙක සකස් කර ඇති දැල් අවශ්‍ය ප්‍රමාණයට කපා ගනිමින් විසිදැල සකස් කර ගත්හ. විසිදැල් දැමීම ක්‍රම කීපයකට සිදුවේ.
ගොඩබිමේ සිට මුහුදට හෝ කලපුට විසිදැල් දැමීම, ඔරුවේ සිට දැල දැමීම සහ කලපුවට හෝ මුහුදට බැස විසිදැල දැමීම මේ ක්‍රම වේ.
විසිදැල් විවිධ ප්‍රමාණයෙන් ඇත. විටක එය බඹ හයක් හතක් තරමි විශාල වන අතර ක්ෂනිකව වතුරේ කිදා යාමට දැල යටින් සවිකර ඇති ඊයම් බරු රාත්තල් විස්සකට වඩා බරවේ.
නිතර නිතර දෑතට ගෙන ඉහලට ඔසවා පුලුල් වටයක්සේ වතුරට වීසිකිරීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවන අතර ඒ සදහා ඉතාමත් හොද පලපුරුද්දක් තිබිය යුතුය. ඉස්සන් අඩවීම නිසා විසිදැල් රස්සාවේ මේවන විට නිරතව සිටින්නේ අතලොස්සක් පමනි.
මුහුදේ වලාල කලයට මෙන්ම මීගමුව කලපුවේ සමහර තැන්වල විසිදැල් දමන ධීවරයෝ ඉදහිට දැකිය හැක. ඒ දසුන තවත් සුන්දර සාම්ප්‍රදායික ධීවර ක්‍රමයක් අපට මතක් කර දෙයි.
24294371 10155655064501014 6780522689987411811 nඅරුණ ශාන්ත නෝනිස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here