වුහාන් නගරයේ සිසුන් ගෙන්වා ගැනිම අර්බුදයක ? විමල් විරවංශගේ පුතාව ගෙන්වා ගැනිම රජයේ ප්‍රමුඛතාවයද ?

0
106

susil2කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයට ඇතුලුවීමට හෝ ඉන් පිටවීමට කිසිවෙකුට අවසර නොදෙන බැවින් එහි සිටින ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනා මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි බව ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (28) ප්‍රකාශ කර ඇති බව ලංකාටෲත් වෙබ් අඩවිය සදහන් කර තිබේ.
එහි වැඩිදුරටත් මෙසේ සදහන්ය.
…ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව හා ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සම්බන්ධයෙන් බීජිං නුවර පිහිටි මෙරට තානාපති කාර්යාලය හා එරට බලධාරීන් නිරන්තරයෙන් සොයා බලන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

මේ අතර newstube.lk වෙබ් අඩවිය හෙළිකර සිටින්නේ කොරෝනා වෛරසයේ වැඩිම බලපෑමක් ඇති ප්‍රදේශය එනම් වෛරසය පැතිරීමේ කේන්ද්‍රීය ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇති ප්‍රාන්තය වන  වූහාන් (Wuhan) ප්‍රාන්තය ආසන්නයේ  සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව දීම වෙනුවට ඊට බොහෝ ඈතින් සිටින ප්‍රදේශවල සිසුන් කැඳවීම ගැටළු සහගත බව  ඇතැමුන්ගේ අදහස වී තිබෙන බවය.

මේ සම්බන්ධව ට්වීටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අදහස් දක්වන අයෝමා කොබ්බෑකඩුව ප්‍රශ්න කර සිටින්නේ බලපෑම වැඩියෙන්ම තිබූ වූහාන් ප්‍රදේශයට ආසන්න සිසුන් වෙත ප්‍රමුඛතාව ලබාදීම වැදගත් වුවත් ඊට කිලෝ මීටර් දහසකට පමණ ඈතින් පිහිටි  සිචුආන් (Sichuan) ප්‍රාන්තයේ සිටින සිසුන් කෙරෙහි ප්‍රමුඛතාව ලබාදීම පිටුපස අමාත්‍ය විමල් වීරවංශගේ පුතා එම ප්‍රාන්තයේ වෛද්‍ය අධ්‍යාපනය ලැබීම හේතුවීද යන්නයි.

ඒ සම්බන්ධව ඇය තැබූ ට්වීටර් සටහන පහත දැක්වෙයි.

එසේම මේ පුවත සම්බන්ධව මේ වන විට සමාජ ජාල මාධ්‍ය අතර වැඩි අවධානයක් දිනාගනිමින් ඇති අතර වූහාන් ප්‍රාන්තය ආසන්න සීමාවේ වෙසෙන සිසුන්ට පානීය ජලය පවා දුෂ්කර වෙමින් ඇති බවට තොරතුරු වාර්තා වෙමින් ඇත.

ඒ බව අයෝමා තබා ඇති ට්වීටර්  සටහනේද සඳහන් කර ඇත..
මුලාශ්‍ර- lankatruth.lk/newstube.lk