වෙඩිතබා ඝාතනය කළ ඇන්ටනීගේ දේහය ගෙනෙන තෙක් ගම්වාසීන් බලා සිටිති

0
156

MG 3862 HDTV 1080අද පෙරවරැවේදී හලාවත එගොඩවැල්ලේ දී  විශේෂ පොලිස් බලකාය විසින්  ධිවරයින්ට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තිදෙරැ පියෙකු වන ඇන්ටනී ප්‍රනාන්දු මහතාගේ දේහය පිලිබද  පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් වී  එම දේහය ඔහුගේ නිවස වෙත ගෙන එන තෙක් මේ වන විට ගම්වාසීන් එක්රැස්ව ඔහුගේ නිවස අවට සිටින බව වාර්තා වෙයි.  ඒ අතර පොලිස් හා හමුදා ආරක්ෂාව තර කර ඇති බවත් ප්‍රෙද්ශයේ ජනතාව පවසති.  ප්‍රෙද්ශවාසියෙකු පැවසූවේ ඇන්ටනී මහතාගේ දේහය ගෙනෙන තෙක් ගම්වාසීන් අවට බලාසිටින බවයි. එමෙන්ම ඔවුන්ගේ තත්ත්වය  සාමකාමී බවද  වාර්තා වෙයි.  මේ වන විට මිට ගිය ඇන්ටනී මහතාගේ බිරිද ජොර්දාන් රටේ  සේවයේ නිරතව සිටියි.

 

 

 

 

 

MG 3916 HDTV 1080

 

MG 3920 HDTV 10802MG 3879 HDTV 1080ඡායා – ජයසංඛ ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here