වෙඩි කන්දේ ඝාතනයට වසර 2යි ! මිනිමරුවන් නිදැල්ලේ ?

0
73

DSC_0002new

2016 /04 /19 වන දින වෙඩිකන්ද නම්වූ දූපතෙහි අමානුෂික ලෙස කාන්තාවක් ඝාතනය කර තිබුනි. මෙමදූපත පිහිටා ඇත්තේ මීගමුව සිරිවර්ධන පෙදෙස ආසන්නයේ කලපුව මැදය.
ඇය තමසැමියා සමග වසර 20ක් මෙම දූපතේ වාසය කරඇත.
ඇයගේ පියා ජීවත්වී ඇත්තේද මේ දූපතේ බව ඇගේ දියණිය වූ ආශා පවසයි.
මෙහි ඔවුන් විසින් හදාගත් කුඩා පැල්පතෙහි ලේ වලක් මැද තම මව මැරී සිටිබවත්, තවමත් අපරාධ කරුවා සොයාගැනීමට නොහැකිවූබවත්, මවගේ හිසට සහ ගෙල පෙදෙසට පහරදීමෙන් මිය ගොස් ඇති බවත් ඇය අප සමග පැවසුවාය.

මේ පිළිබව ‍ නඩුවක් නඩුවක් අධිකරණයේ විභාග වන අතර මීගමුව පොළීසිය පරීක්ෂණ පවත්වන බවත් ආශා (මිය ගිය අයගේ දුව)පැවසීය. එසේම එසේම තම මවට සාධාරණයක් ඉටුකරවා ගැනීමට උපකාර කිරීමට කිසිවෙකු නැති බැවින් තමන් අසරණව සිටින බව ඇය පවසන ලදී.