වෙනත් පක්ෂයකට සහය දෙන අයගේ මන්ත්‍රිධුර අහෝසියි ! මිගමුව එජාප මන්ත්‍රිවරුන්ට අර්ජුන කියයි

0
179

Arjuna Ranathungaමීගමුව එජාප නාගරික මන්ත්‍රිවරු 13 දෙනෙකු පමණ ඊයේ පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් එජාප නායක හිටපු ඇමති අර්ජුන රණතුංග හමුවි තිබුණි. එජාපයේ  පළාත් පාලන මන්ත්‍රිධුර දරමින් වෙනත් පක්ෂයකට සහය පළකරන මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රිධුරය අහෝසි වන බව දැනගැනිමත් සමගින් මෙතෙක් දුරකථනයට සහය පළකරමින් සිටි අයද ඒ ගැන යළිත් සිතන්නට පටන්ගෙන ඇතැයි විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.
මේ අතර ඊයේ පැවැති රැස්විමේදි මිගමුවේ හිටපු එජාප සංවිධායක ඉවත් කිරිමට එජාප පක්ෂ නායකත්වය විසින් ගෙන තිබුණු තිරණය ගැන බරපතල විවේචනයක්ද ඇතැම් එජාප මන්ත්‍රිවරුන් විසින් ඉදිරිපත් කර තිබුණි.
හිටපු සංවිධායකවරයාට සාධාරණයක් අනිවාර්යෙන්ම ඉටුකරන බවද එහිදි එජාප ගම්පහ දිස්ත්‍රික් නායක අර්ජුන විසින් පවසා තිබේ.
ඡායාරූපය – අන්තර්ජාලයෙනි