මෙදා නත්තලට වෙනදා මෙන් මිගමුව කලබලද ????

0
52

This image has an empty alt attribute; its file name is මිගමු-නගරය.jpg

නත්තල යනු කතෝලික ජනතාව ඉහළින්ම සමරණ විශේෂ උත්සව අවස්ථාවකි. ආහාරපානාදියේ සිට නිවසේ කරන සැරසිළි දක්වාවූ සියළු දෑ කෙරෙහි උනන්දුවකින් පවුලේ සියළු දෙනාගේ මැදිහත්වීමකින් සිදුකරයි. ආගමික වශයෙන් , මෙය සාමුහික ක්‍රියාවකි. පවුලේ අයට අමතරව ඥාතීන්, යහළු මිත්‍රාදීන්ද මේ සඳහා මැදිහත්වේ.
නමුත් ඒ සියල්ල වෙනස්වී ඇත. පවතින වසංගත තත්වය විසින් බලකර කියා සිටින්නේ සාමුහිකව නොව හුදෙකලාව සිටින ලෙසයි. ඒනිසා නත්තලේ මෙවර පනිවිඩයද එයවී ඇත.

නගරය තුළ විවිධ බඩු භාණ්ඩ වල නම් අඩුවක් නැත. නමුත් ඒවා මිලදී ගැනීමට එන පිරිසට කඩ සාප්පුවල වෙනදා මෙන් ⁣පොදිගැසී සිටීමේ හැකියාවක් නැත. පොදුවේ පනවා ඇති සෞඛ්‍ය උපදේශ අනුව කටයුතු කළයුතුය.

අදවනවිට නත්තල කෙසේ වෙතත් ජීවිතය නඩත්තු කිරීමටවත් නොහැකි තත්වයක් සමාජය තුළ උද්ගතවී ඇති බැවින් , බරපතල අර්බුධයකට සමාජයක් ලෙස මුහුණදී සිටියි. රජයක් වශයෙන් සමාජය පත්වී ඇති එම තත්වයෙන් මුදවා ගැනීමට අසමත්ය. අද වනවිට මීගමු නගරයේ ජනතා නියෝජිතයින් තමන්ගේ වගකීම මගහැර එකිනෙකාගේ පුද්ගලික අවැසිතා අනුව කටයුතු කරති. මහ නගර සභාවේ මුල්පුටුවේ සිට අනෙකුත් සියළු දෙනා පුරවැසියාගේ පොදුමුදල් අවභාවිතාවේ යොදන බවට තොරතුරු නිතර අනාවරණයවේ.
ඒනිසා කොරෝනා වසංගතය විසින් අැතිකළ පරිසරය සමහරුන්ට නම් වසන්තයක් නිර්මාණය කර ඇත. නමුත් ජනතාව වසංගතයට මුහුණදෙමින් අසරණව සිටී.
නත්තල් අසිරිය කොරෝනාව නිසා අවපැහැගැන්වී බොඳවී ඇත.