වෙනස්කම් මත ගැටෙන සමාජය තුළ ආගමික සහජීවනය නගන්නේ කෙසේද?

0
65

 

 

IMG-20190910-WA0012

පසුගිය  කාලය  තුළ  අප විසින්  අත්දකිමින්  සිටි  ආගමික  වශයෙන්වූ  මෙම  ගැටුම  විසින්   සිදුකරන ලද  විනාශය සහ  මෙහි  ඉතිහසය  තුළ  මෙවැනි  ගැටුම්  මත  ඇතිවූ  විනාශය  මිළකල  නොහැකිය.  මේ  අනුව  පවතින  තත්වයන්  විසින්  මෙම  ප්‍රශ්ණයට  විසඳුමක්  සෙවීම  පිළිඳබව  මේ  සමාජයේ  ප්‍රගතිශීලී  සමාජ  බලවේගයන්ට  බලකර  සිටී.   ජනාවබෝධ  කේන්ද්‍රයේ  පැවති  මෙම  විද්වත්  සාකච්ඡාවද  එහි  ප්‍රතිඵලයක්  බව  කිවයුතුය.

අද දින  මීගමුව  ජනාවබෝධ  කේන්ද්‍රයේ  පැවති   මෙම  සාකච්ඡාව  සඳහා  ප්‍රථම  දේශණය  ගරු  ධම්මතිලක  ස්වාමීන්  වහන්සේ  විසින්ද,  දෙවන  දේශණය  ප්‍රවීන  මාධ්‍යවේදී  දොඩාවත්ත  මහතා විසින්ද  සිදුකරන  ලදී. ආගමික  ගැටුම්වල  ඉතිහාසය  මතුකරමින්   කළ  තම  අදහස්  දැක්වීමේදී  දොඩාවත්ත  මහතා  ප්‍රධාන  කරුණු  දෙකක්  මතුකළ  අතර  ඉන්  එකක් වනුයේ  එකිනෙකා  අතර  තම  අනන්‍යතාවයන්  බිඳ නොගෙන  කටයුතු  කළ  අවස්ථාවකි. ඒ  සඳහා  නිදසුනක්  ලෙස   කතරගම  පුදබිමේදී  එම  දෙවියන්  සියළු  ආගම්වල  ජනයාට  පොදු  දෙවියන් වූ  ආකාරයත්  එහිදී  සියළු දෙනා  එකට  එක්ව  ආගමික  කටයුතු  කළ  ආකාරයත්  පෙන්වා  දින.   එසේම  ආගමික  වශයෙන්  එකිනෙකා  ගැටුම්  ඇතිකරගත්  අවස්ථා  ගැනද  අවධානය  යෙමු  කරන  ලදී.මෙහිදී  මෙම  ප්‍රශ්ණය   මතුපිටින්  බලා  විසඳුමක්    ලද නොහැකි බවත්,  ඒසඳහා  ගැඹුරු  අධ්‍යයනයක්   අවශ්‍ය  බවත්  දොඩාවත්ත  මහතා  පැහැදිළි  කරන  ලදී.  ඉන්පසුව  මේ  ගැන  සංවාදයක්  ගෙඩනැගුනු  අතර   වැඩසටහන  අවසානයෙදී   තරුණ  පිරිස  අතරට  මෙම  සංවාදය  ගෙනයාමටත්,   ගම්තුළ  මේ පිළිබඳ  වැඩසටහන්  පැවැත්වීම  තුළින්  අවබෝධය  පුළුල් කිරීමටත්  තීරණය  කරන  ලදී.