වෙන්නප්පුවෙන් වයඹ පළාත් සභාවට ගිය මන්ත්‍රීවරයෙකු පළමුවරට ගෙනා ජනාතවාදී යෝජනාව

0
453

14517568_1194709833934969_99900973307294889_nවයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පසුගියදා පැවති වයඹ පළාත් සභා   2017 අයවැය කෙටුම්පත සදහා විශේෂ යෝජනාවන් දෙකක් ඉදිරිපත් කළ අතර  මෙම යෝජනා දෙකම පළාත් සභාවේදී සම්මත වී තිබේ.
මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතු යෝජනාවක් වන්නේ මන්ත්‍රීවරුන්ගේ විදේශ අධ්‍යාපන වැඩසටහන් සදහා  යෝජනා කර තිබූ මිලියන 22ක මුදල  මිලියන 5ක් දක්වා අඩුකර ඉතිරි මුදල්  සංවර්ධනය වෙනුවෙන් වෙන්කරන ලෙස කරන යෝජනාවයි.
වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් පළාත් සභාව වෙත ඉදිරිපත් කළ 2017 සදහා වූ මුදල් ප්‍රකාශයෙන් වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සහ නිලධාරින්ගේ විදෙස් සංචාර වෙනුවෙන් රුපියල් මිලියන 22 ක මුදලක් වෙන් කිරීමට යෝජනා කර තිබිණි.
නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු විසින් මතුකර තිබුණේ මන්ත්‍රීවරුන්ට විදේශ සංචාර තහනම් කර ඇති තත්ත්වයක් යටතේ මෙවැනි අධිකතර වැයකිරීම් අඩුකර ඒවා සංවර්ධනයට යෙදවිය යුතු බවයි. පසුව මෙම යෝජනාව නැවතත් සංශෝධනය වී විදේශ අධ්‍යාපනය සදහා වෙන්කළ යුතු මුදල ලක්ෂ 05 දක්වා අඩුකර ඇති අතර  යෝජනාව සම්මත වී තිබේ. නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබූ අනෙක් යෝජනාව වූයේ සංවර්ධන කටයුතු සදහා මන්ත්‍රීවරුන්ට වෙන්කරන මුදල වැඩි කරන ලෙසයි.මෙම යෝජනාවද සම්මත වී ඇති අතර මෙය ජනතාවගේ පැත්තෙන් සිතා කරන ලද ප්‍රඥාගෝචර යෝජනාවකි.
වෙන්ප්පුවෙන් පළාත් සභාවට ගිය මන්ත්‍රීවරු අතරින්  පළමු වතාවට    ජනතාව වෙනුවෙන්  යෝජනාවක් සම්මත කරගත්  මන්ත්‍රීවරයා චිත්‍රාල් ප්‍රනාන්දු බව ඔහුගේ මෙම ක්‍රියාවෙන් මනාව ඔප්පු  වී තිබේ. 

http://www.wayambatoday.com/?p=7042