වෙන්නප්පුවෙන් විදෙස් මුදල් හොරකම් කල විදේශිකයන් පොලීසියට භාර වෙයි.

0
91

ඉකුත් අගෝස්තු මස 3 වෙනිදා වෙන්නප්පුව නගරයේ පිහිටි විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයකට පැමිණ විදේශ මුදල් මාරු කිරිමේ මුවාවෙන් එහි තිබු රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා විදේශ මුදල් තොගයක් සොරාගත් විදේශිකයන් දෙදෙනා ඉකුත් 26 දා සවස පොලිසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඊයේ 27 උදැසන මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන සඳුදා හෙට (අගෝස්තු 29) දක්වා රක්ෂිත බන්ධනාගාරගත් කිරිමට මාරවිල වැඩ බලන මහෙස්ත්‍රාත් දුලිප් ලියනගේ මහතා නියෝහ කලේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මෙරට සංචාරයකට පැමිණ සිටි ජේම්ස් ජේන් 48 හා ෆතර් ෂේක් 34 යන ඉරාන ජාතිකයන් දෙදෙනෙකි. ඉකුත් අගෝස්තු මස 3 වෙනිදා තම විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයට මුදල් හුවමාරු කර ගැනිමට පැමිණි විදේශිකයන් දෙදෙනෙක් ඩොලර් 100 ක් මාරු කර ගැනිමෙන් අනතුරුව පිටව ගියපසු එහි තිබු විදේශ මුදල් තොගයක් අතුරුදන් වීම පිළිබඳව සොයා බැලිමේදි එහි තිබු අරක්ෂිත කැමරාවල එම විදේශිකයන් එහි තිබු මුදල් තොග පරික්ෂා කිරිමේදි සුක්ෂම ආකාරයට සොරාගන්නා ආකරය පිළිබඳව සටහන් වීම නිසා එහි හිමිකරු වෙන්නප්පුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් පිළිබඳව විමර්ශනයක් අතරතුර එයට සම්බන්ධ විදේශිකයන් මෙලෙස පොලිසියට බාර වු බව පොලිසිය කිය. එම විදේශිකයන් දෙදෙනා රුපියල් පන්ලක්ෂ අනු එක් දාහක් වටිනා ඩොලර් 1000 සවුදි රියාල් 8500 ක් ඩුබයි ඩිරාම් 3000 සොරාගෙන ගොස් තිබු බව පොලිසිය කීය. විදේස් මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ තිබු පැරණි කාණ්ඩ අංක සහිත විදේශ මුදල් නෝට්ටු පරික්ෂා කිරිමේ මුවාවෙන් මෙම සොරකම්කර ඇති බව අරක්ෂිත කැමරාවල සටහන් වි තිබෙන බව පොලිසිය පැවසීය.

මෙම සොරකම පිළිබඳව පරික්ෂණ සිදු කිරිමේදි ඔවුන් පැමිණි මෝටර් රථය පිළිබඳව ලැබුණු හෝඩුවාවක් ඔස්සේ එම වාහනය විදේශිකයන්ට කුලියට දුන් ආයතනය සොයාගත් පසු පරික්ෂණ අතරතුර මෙම විදේශිකයන් දෙදෙනා පොලිසියට පැමිණ බාර වු බවත් ජූලි මස 23 වන දා  ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් සමග මෙරට සංචාරයක්ට පැමිණ කොළඹ ප්‍රදේශයේ හෝටලයක නතර වි සිටියදි මෙම සොරකමට පැමිණ ඇති බව ප්‍රශ්න කිරිමේදි හෙළි වු බව පොලිසිය කීය. මෙම මුදල් සොරා ගැනිමෙන් අනතුරුව ඔවුන් තම සංචාරය තවත් දින පහළවකින් විසා කාලය දීර්ඝ කරගෙන ඇතැයිද විදේශිකයන්ගේ තොරතුරු වාහන කුලිය දුන් ආයතනයෙන් ලබාගෙන ගුවන් තොටුපළ බළධාරින් දැනුවත් කිරිම පිළිබඳව එම විදේශිකයන් හට යම් තොරතුරක් ලැබීම නිසා ඇති වු බියක් නිසා මෙලෙස පොලිසියට බාර වන්නට ඇතැයි පොලිසිය කීය. සොරාගත් විදේශ මුදල් තොගය රුපියල් වලට මාරුකර දික්කර ගත් දවස් 15 ගත කිරිම සඳහා වියදම් කල බව එම විදේශිකයන් පැවසු බව පොලිසිය කීය.

හලාවත ජෙයෂ්ඨ පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි දේශප්‍රිය ජයතිලක යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත අපරධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් දසනායක, උප පොලිස් පරික්ෂක ඊරියගොල්ල සැරයන් 21758 තිලකසිරි කොස්තාපල් 21935 බන්දුල 68660 ඉන්දික 82197 බණ්ඩාර යන නිළධාරින් විසින් මෙම සොරකම පිළිබඳව විමර්ශන කටයුතු කර තිබිණ.

 

14079475_1271596139549783_4755044503333246876_n

 

චන්දන ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here