වෙන්නප්පුවේදී පැරදෙන්නට බියවූ ‘ඩී.එස් ‘ එක හමුදාවද ක්‍රීඩාපිටියට ගෙන්වා ගනියි.?

0
90

දැනට සතියකට පමණ පෙරදී වෙන්නප්පුව ඇල්බට් ඇෆ් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණ 17න් පහල අංශයේ හොකී ක්‍රීඩා තරගයකදී  ජෝශප්වාස් විද්‍යාලීය කණ්ඩායමට සිදුවී ඇති අසාධාරණයක් සම්බන්ධයෙන් එම ක්ෂේත්‍රයට ලැදි ආදී සිසුන් අතර පමණක්  කතාවෙමින් තිබේ. ක්‍රීඩාංගනයේ සිටි ගුරුවරුන් මෙන්ම ශිෂ්‍ය ශීෂ්‍යාවන් හා ක්‍රීඩා විනිසුරන් ඉදිරියේ සිදුවී ඇති මෙම ලැජ්ජා සහගත සිදුවීම රටේ මේ වනවිට සිදුවන නීතියේ කඩාවැටීම ගැන කියවන තවත් කතාවකි.
එදින පැවතුන හොකී ක්‍රීඩා තරගය  වෙනුවෙන් කොළඹ  ඩී.එස්.සේනානායක විදුහලේත් , වෙන්නප්පුවේ ජෝෂප් වාස් විදුහලේත් 17න් පහළ කණ්ඩායම් තරග වැදී ඇති අතර පළමු වටයේදී  දෙපිලම තරගය සම සමව ජයග්‍රහණය කර ඇත. පසුව දෙපිලටම නැවතත් පහරක්  සමව ලැබී ඇති අතර එහි  පළමු අවස්ථාවේදීම ජෝශප්වාස් විද්‍යාල කණ්ඩායම එක් ගෝලයක් ලබා ඇත. මෙම ගෝලය පිළිගත නොහැකි බව දිගින් දිගටම ඩී.එස් පිළ කියා සිටිමෙන් පසු  ක්‍රීඩා පිටියේ යම් උණුසුම් තත්ත්වයක්  ඇතිවී තිබේ. සියල්ලන් මෙය ගෝලයක් බව  අනුමත කළද විනිසුරන් විනිශ්චය දීමට අසමත් වීමෙන් පසුව තරගය වටය අලුතින් ආරම්භ කරන්නට බලකෙරී ඇත. ඒ සඳහා බලකෙරී ඇත්තේ ඩී.එස් සේනානායක විද්‍යාලයේ පාර්ශවයෙන් වන අතර එයට එකගවන්නට ජෝෂප්වාස් විද්‍යාලට ද සිදුවී ඇත. ඉන්පසුව සිදුවී ඇති ඊළග වැරැද්ද වන්නේ  එසේ අලුත් වටයකින් හොකී තරගය ආරම්භ වන විට ඩී.එස් සේනානායක විද්‍යාල කන්ඩායමේ ක්‍රීඩකයෙකුව මාරු කර වෙනත් ක්‍රීඩකයෙකු  කණ්ඩායමට අලුතින් එක්කරගෙන තිබීමයි. මේහිදී ද ඩී.එස් පිළ සිය ආධිපත්‍ය පාවිචිචි කරමින් ක්‍රීඩා නීති උල්ලංඝනය කර ඇති අතර අවසානයේ කෙසේ හෝ ඔවුන්ගේ පරාජය මගහරවාගෙන ජයග්‍රහණය කර තිබේ. ජෝශප්වාස් විද්‍යාලයේ කන්ඩායමේ ජයග්‍රහණය වලක්වන්නට බලපෑම් කිරීමත් ඉතා නින්දිත ලෙස ප්‍රසිද්ධියේම සිදුකළ ආකාරය ගැනත් දෙමව්පින් මෙන්ම ගුරුවරුන් ද කණගාටුව පළකරති.
වෙන්නප්පුවේ ක්‍රීඩා ලෝලීන් පවසන ආකාරයට අවසානය වනවිට හමුදාවද ක්‍රීඩා පිටියට පැමිණ ඇත. හමුදාව ආවේ කෙසේදැයි කිසිවකුත් නොදන්නා අතර එයද ඩී.එස්. සේනානායක විද්‍යාලයේම  ආධිපත්‍ය පාවිච්චි කිරීමේ තවත් ආකාරයක් වන්නට ඇතැයි  ඇතැමුන් නිමනය කරති.
safe_image.php  new