වෙන්නප්පුවේ ඇත්ත ප්‍රශ්න වෙරෝනා වලදී අහන්න ?

0
105
ලුණුවිල පාලම

වෙන්නප්පුව නගරය පිළිබඳව ඇති ගැටළු සහ නව යෝජනා පිළිබඳව ඉදිරිපත් කිරීමට වෙරෝනා නගරයේ දී පැවැත්වෙන සාකච්ඡාවක් පිළිබදව දැනුම්දීමක් ෆේස්බුක් පිටුවක සඳහන් වී තිබුණි. වෙන්නප්පුව නගරයේ ඇති ප්‍රශ්න කොහේදී වුවත් සාකච්ඡාවීම ඉතා හොඳය. නමුත් ගැටළුව වන්නේ වෙන්නප්පුව ප්‍රා.සභාවේදී වත් කතා නොවන ප්‍රශ්න කෙතරම් වෙන්නප්පුවේ තිබෙනවාද යන්නයි. ඒ වගේම  ප්‍රා.සභාවට යෝජනා නොවී හිතුමතේට සිදුවන වැඩ කෙතරම් ආණ්ඩු පක්ෂය මගින් කරනවාද යන්නයි.
ප්‍රධානම ප්‍රශ්නය වන්නේ  මෙම නගරයේ ඇති පාරවල් වල පිළිබඳ ගැටළුවයි. මේ ගැන කී වතාවක් නම්  ප්‍රදේශයේ ජනතාව වෙන්නප්පුව ප්‍රා. සභාපතිරයාට පැමිණිලි, මැසිවිලි නගා  ඇත්ද?  ප්‍රධාන පාරවල් ශක්තිමත් ලෙස ප්‍රමිතියකින් හදන්නට ප්‍රාදේශීය සභාවට හැකියාවක් නොමැත. පීට්සා අවන් හල ලග තිබූ බස් නැවතුම්පොළ තවමත් සවිකර නැත. වෙන්නප්පුවේ නගර මධ්‍යයේ හැදෙමින් තිබූ බස්නැවතුම්පොළ කඩාවැටුණ පසු සිදුවන්නේ කුමක්ද කියා බලාහිදින්නට සිදුවී ඇත.
මේවාට දෙන්නට උත්තර නැති ප්‍රාදේශීය සභාපතිවරයා ඉතාලියේ වෙරෝනා නගරයේදී  වෙන්නප්පුවේ ගැටළු ගැන පිළිුතුරු දීමට  සූදානම්ව ඇත. ඒ වාගේම තමන්ට පුද්ගලිකව ඉදිරිපත් කරන ගැටලු විසදාදිමට ද ප්‍රා.සභාපතිවරයා කටයුතු කරන බව පෙනේ. එය කෙතරම් සාධාරණද යන්න  ජනතාව කල්පනා කළ යුතුය, මේ පුද්ගලික ඇහුම්කන් දීම් මත හොද දේ මෙන්ම නරක දේවල් ද වෙන්නප්පුව නගරයේ සිදුවේ. පීට්සා හට් එක ලඟ තිබූ බස්නැවතුම්පොළ ඉවත් කෙරුණේද පුද්ගලික ඉල්ලීමක් මතය. නමුත් අද  වනකේ එම වැරැද්ද නිවරදී වී නොමැත.
වෙරෝනා නගරයේ දී   කිසිවෙකුත් ඔහුගෙන් වෙන්නප්ුපුවේ ඇත්ත ප්‍රශ්න ටික අසාවිද? 944228_685722944853452_3294314115185012464_n

ලුණුවිල පාලම
ලුණුවිල පාලම