ජනාධිපති සම්මානලාභි වෙන්නප්පුවේ ඇම්-ඉසිදෝර් මැන්දිස් කලාකරුවා අද රෝගිව ඉතා අසරණවෙලා !

0
89

1550,0,1,0,318,256,378,1,0,96,52,0,0,100,0,1953,1949,2158,123266

විශ්වකර්ම හා ජනපති සම්මානලාභි කලාකරුවාට රජයෙන් මසකට රු-135/-ක දීමනාවක්-කාට කියන්නදැයි රෝගිව අසරණව සිටින ඔහු හඩාවැළපේ

ජනපති සම්මාන හා කලාභුෂණ සම්මාන ඇතුලු ශ්‍රී ලංකාවේ අත්කම් හා විශ්වකර්ම සම්මාන රැසක් හිමිකරගනිමින් ශ්‍රී ලංකා මාතාවට ඉමහත් කිර්තියක් අත්පත්කරදුන් ඇම්-ඉසිදෝර් මැන්දිස් කලාකරුවා අද රෝගිව ඉතා අසරණ තත්ත්වයක පත්ව සිටී-
වෙන්නප්පුව ආසනයට අයත් ලුණුවිල කිරිමැටියාන ආයුර්වේද රෝහල් මාවත ලිපිනයේ පදිංචිව සිටින මොහුට මේවනවට සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් මසකට ලැබෙනුයේ රුපියල් 135/-කි-කලාවට මාහැගි සේවාවක් කොට තමන් අන්ත අසරණවූවිට ඔහුට මෙසේ සැලකීම කලා ක්ෂේත්‍රයටම කල මහත් අවමානයක් බව ප්‍රදේශවාසි ජනතාව පෙන්වා දෙති-
දැවභාණ්ඩ නිෂ්පාදනයේ පුරෝගාමිවූ පරපුරකට නෑකම් කියන ඉසිදෝර් මහතා දරුවන් සිව්දෙනෙකුගෙන් යුත් පුංචි පවුලක පෙරගමන්කරුවා වේ-මුලදී රෙදිවිවීමේ අත්යන්ත්‍ර නිෂ්පාදනයත් පසුව දැව භාණ්ඩ නිෂ්පාදනයටත් අතදුන් ඔහු තම සහජ හැකියාවන් රටට දැයට පෙන්වමින් ලීකැටයම් කලාවෙන් දස්කම් පාන්නට විය-
උපතින් කතෝලිකයකු වුවද කිරිමැටියාන ප්‍රදේශයේ බ්‍යෙද්ධ ජනතාව හා එක්ව 1965 දී කිරිමැටියාන ගමේ ඉදිකෙරුණු දිවයිනේ විශාලතම සිරිපාද ආකෘතිය හා ඊට අදාල වෙසක් තොරන් ඉදිකිරීමට පුරෝගාමිවිය-නාට්‍ය රැසක් නිෂ්පාදනය කරමින් හා රගදක්වමින් ගම්වාසින්ට කලාව හුරුපුරුදු කල මොහු 1965 දී විජයබා කොල්ලය නාට්‍යයේ ලසාර්ගේ චරිතයට පණපොවමින් දුටුවන් මවිතකරමින් -විනෝදනී -නාට්‍ය කලා සංගමයක්ද පිහිටුවා ගත්තේය-
ගමේ තරුණ පිරිස් සුමගට යොමුකරවීමට තම දිවියම කැපකල ඔහුගේ දෑතින් නිමාව දුටු ලීකැටයම්වලට ඔහු පනමෙන් ආදරය කරන්නට විය-ගමේ පල්ලියට පන්සලට සහන මිළට කැටයම් කලාවෙනේ දායකවූ ඔහුගේ ජීවිතයේ වේදනාත්මක සිද්ධිය ලෙස සදහන් කරන්නේ තමාගෙන් පසුව මේ කැටයම් කලාව ඉදිරියට ගෙනයාමට පෙරුම්පුරමින් සිටි තම එකමපුතුගේ අකල් මරණය බවයි-

1550,0,1,0,289,256,484,1,0,37,47,0,0,100,0,1962,1949,2158,536768
1550,0,1,0,289,256,484,1,0,37,47,0,0,100,0,1962,1949,2158,536768

1990 වසරේ සිට මේ දක්වා දැවභාණ්ඩ හා මුර්ති කලාව සම්බන්ධව ජනාධිපති සම්මාන ඇතුලු කලාභූෂණ සම්මාන රැසකින් පිදුම්ලත් ඉසිදෝර් මැන්දිස් මහතා තම ජීවිතයේ අවසන් භාගයේ හෘද රෝගියකු ලෙස දිවිගෙව්වද ඔහුගෙන් අප රටට දැයට සිදුවූ සේවය සම්බන්ධව අදාල වගකිවයුත්තන් හා බලධාරින් නිසි ලෙස අවබෝධයක් ඇතිකර නොගැනීම නිසාදෝ මසකට රු-135/- දීමනාවකින් රජය ඔහු සනසා ඇතත් එය වෛද්‍ය ප්‍රතිකාර සදහා දිනකටවත් නොසෑහෙන බව මාධ්‍යයට කීවේ දෙනෙත් කදුලින් පුරවා ගෙනයි-
සුනිල් ප්‍රනාන්දුපුල්ලේ