වෙන්නප්පුවේ ඩිපෝව අසලදි පිහි ඇනුමකින් පුද්ගලයෙකු මරණයට ?

0
61

blood-puddle_~k10645525වෙන්නප්පුව ලංගම ඩිපෝව අසල කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේදි අද (11) සවස දෙදෙනෙක් අතර වු බහින්බස් වීමක් අතරදි සිදු වු පිහි ඇණුමකින් අයෙක් මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව කඩවත ග්‍රාමසේවා වසමේ පදිංචි පියල් මහේෂ් ජීවන්ත කෝස්තා (33) නැමති එක්දරු පියෙකි තම නිවසේ සිට ප්‍රධාන මාර්ගය දෙසට යතුරුපැදියෙන් පැමිණෙමින් සිටි මියගිය අයට ත්‍රි රෝද රථයකින් පැමිණි අයෙක් පහර දි පිටුපස පන්නමින් පිහියෙන් ඇන ඇති බවත් කොළඹ හලාවත මාර්ගයට පැන බේරි පලායාමට උත්සහ කිරිමේදි එහි ඇද වැටිමෙන් පසුවත් පිහියෙන් ඇන ඇති බවට තොරතුරු ලැබි ඇති බව පොලිසිය කීය බරපතල තුවාල ලබා සිටි එක්දරු පියාව මාරවිල රෝහලට ඇතුල් කරනවිටත් මියගොස් සිටි බව රෝහල් අරංචි මාර්ග පැවසීය මෙම මිනිමැරුම යම්කිසි පරණ කෝන්තරයක් මත සිදුවන්නට ඇතැයි සැකකරන බවත් ඒ ඔස්සේ මෙම මරණය සිදුකල අපරාධකරුව සොයා පරික්ෂණ අරම්භ කර ඇති බව පොලිසිය කීය මියගිය අයගේ ඥාතින් පවසන්නේ නීති විරෝධි ගංජා ජාවාරමක් පිළිබඳව මිගිය අය විසින් පොලිසියට ලබාදුන් තොරතුරක් නිසා එයට පලිගන්න එම පුද්ගලයා විසින් මෙම අපරාධය කර ඇති බවයි
චන්දන ප්‍රනාන්දු

-0:45