වෙන්නප්පුවේ ධිවරයන් පිරිසකට ගැඹුරු මුහුදේ වෙසෙන දුර්ලභ මාළුවෙක් හමුවෙයි

0
481

නයිනමඩමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙන් මසුන් ඇල්ලීමේ නිරත ධීවරයින් පිරිසකට දුර්ලභ ගැඹුරු මුහුදේ මත්ස්‍ය විශේෂයක් හමුවි ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා රක තිබුණි

නයිනමඩම, වෛල්ලමංකරය  ධීවර වරායට අයත් බහුදින යාත්‍රාවකට මෙම මසුන් හසුවී ඇත.

මෙවැනි දුර්ලභ මත්ස්‍යයෙකු තමන් දුටු පළමු අවස්ථාව මෙය බවත් එය වරායේ පසෙකින් තබා ඇති බවත් වරාය කළමනාකාරවරයා පැවසීය. මෙම මාළු විශේෂය ආහාරයට ගත නොහැක.image 21c0bb130aimage c25da62a38

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (NARA) අනුව, මත්ස්‍ය විශේෂය Rabbitfish (Rhinochimaera atlantica – Broadnose Chimaera) ලෙස හඳුන්වන අතර කැනඩාව, කොලොම්බියාව, ප්‍රංශය, ගැම්බියාව, අයිස්ලන්තය, මොරිටේනියාව, මෙක්සිකෝව, නැමීබියාව, සෙනෙගල් යන ප්‍රදේශවල දක්නට ලැබෙන බව පැවසේ

මෙම මත්ස්‍යයා Longnose chimaeras පවුලේ අවම සැලකිල්ලක් දක්වන විශේෂය වන අතර සෞම්‍ය සාගරවල මීටර් 1,500 කට වඩා ගැඹුරින් ජීවත් වේ.

2018 වසරේ ඔවුන් විසින් කරන ලද සමීක්ෂණයකින් අනතුරුව මෙම මත්ස්‍ය විශේෂය හමුවූ බව නාරා ආයතනය පවසයි.

තනි මසුන් සෙන්ටිමීටර 140 දක්වා වර්ධනය විය හැක.

මුලාශ්‍රය – dailymirror.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here