


අද පෙරවරුවේ වෙන්නප්පුව කොලින්ජාඩිය මුහුදු තීරයේදි පෙරවරුවේ ඇරඹි බෝට්ටු ධාවන තරඟයට බෝට්ටු 3 ක් තිබුන අතර එකිනෙකා පරයමින් වේගයෙන් ඇදිගිය මේ බෝට්ටු ධාවන තරගය තුල එක් බෝට්ටුවක් අනපෙක්ෂිත ලෙසින් පෙරළි ගොස් තිබුණි.
එක් අවස්ථාවකදි මෙසේ අවාසනාවන්ත ලෙසින් පෙරළි ගිය බෝට්ටුව අනික් බෝට්ටු පරයමින් ඉදිරියෙන්ම යමින් සිටි එකක්ද විය.
මුනින් අතට පෙරළි ගිය බෝට්ටුව ගිය ධිවරයන් බේරා ගැනිමට කඩිනමින් බෝට්ටු දෙකක් වෙරළෙන් පිටත්ව ගිය අතර ධිවරයන්ව බේරාගෙන ගොඩ ගෙන එන ලදි.
මෙම තරඟයේ ජය හලාවත නියෝජනය කරමින් තරග වැදුන ධිවරයන් හට හිමිව තිබේ



