වෙන්නප්පුව කඩවත පාරේ සුඛෝපභෝගි නිවසක කාලයක සිට පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් ඊයේ 27 රාත්රියේ වටලා කසිප්පු හා ගෝඩා තොගයක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිස් දුෂණ මර්දන අංශය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණේ කටුණේරිය ප්රදේශයේ පදිංචි කරුවෙකි පොලිසිය එම නිවස වටලන අවස්ථාවේදිත් කසිප්පු පෙරුම් උපකරණ ක්රියා කරවමින් තිබු බවත් එම ස්ථානයේ තිබි ගෝඩා බැරල් 10 ක් කසිප්පු බෝතල් 50ක් තඹ දඟර 2ක් ගෑස් ලිපක් හා ගැස් ටැංකි 2ක් සොයා ගත් පොලිසිය කීය මෙම පුද්ගලයා මෙම නිවස මාස 3ක් කාලයක සිට කුලියට ගෙන ඇති බවත් නිවෙස් හිමිකරු ඉතාලියේ සේවය කරන අයෙකු බවත් රුපියල් 12000ක මාසික කුලියක් මෙම නිවසට ගෙවා ඇති බවද මූලික පරික්ෂණ වලදි තහවුරු වු බව පොලිසිය පවසයි මෙම පුද්ගලයා කාලයෙන් කාලයට මේ අකාරයෙන් නිවෙස් කුලියට ගෙන මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අයෙකු බව පොලිසිය කීය වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහාතාගේ උපදෙස් මත පොලිස් දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්රසාද් ලියනගේ කොස්තාපල් 64618 රූපවංශ 60568 සනීර 72765 බණ්ඩාර යන නිළධාරින් මෙම වැටලීම සිදු කර ඇති අතර සැකකරුවන් හා භාණ්ඩ මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය
-චන්දන ප්රනාන්දු