වෙන්නප්පුවේ සුපිරි බූරු පොලකදි අත්අඩංගුවට පත්වු මීගමු හාදයා කව්ද ?

0
197

Playing_Cardsවෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාට ලැබු තොරතුරක් මත බෝලවත්ත ප්‍රදේශයේ ලැගුම්හලක සුඛෝපභෝගි කාමරයක් තුල පවත්වාගෙන මහා පරිමාණ මුදලට බූරුවා ගැසිමේ ස්ථානයක් ඊයේ 22 රාත්‍රි වටලා සැකපිට පුද්ගලයන් 13 ක් හා මුදල් තොගයක් අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව මීගමුව කොච්චිකඩේ වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචි කරුවන් පිරිසකි එම ස්ථානයේ තිබි රුපියල් එක්ලක්ෂ විසිපන්දාහක 125000 මුදලක්ද සොයාගෙන තිබේ මෙම පුද්ගලයන් කාලයක සිටම විවිධ ස්ථානවල එක් රැස් වි සංවිධානාත්මකව මෙම නීති විරෝධි ජාවාරම කරගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබි ඇතැයි පොලිසිය කීය පොලිසිය මෙම වැටලීම කරන අවස්ථාවේදි කිසිවෙකුට සැකයක් ඇති නොවන අයුරින් ඉහත ලැගුම්හලේ වායු සමනය කල කාමරයක් තුල මේම මුදලට බූරුවා ගැසීම කරගෙන යමින් සිටි බව පොලිසිය කීය.
චන්දන ප්‍රනාන්දු