වෙන්නප්පුවේ හිටපු සභාපතිලාගේ මජර වැඩ නිසා පාරවලුත් යටවෙයි ?

0
111

wenn rain issue 1කොළඹ හලාවත මාර්ගයේ නයිනමඩම ප්‍රදේශය අධික වර්ෂාව හේතුවෙන් වැසි ජලය බැස නොයාම නිසා පැය ගණනාවක් මාර්ගයේ අඩි 2 ක පමණ ප්‍රාමාණයක් ජලය රැඳි තිබිම නිසා වාහන රියදුරන්ද අවට තිබෙන නිවාස කීපයක්ද ජලයෙන් යටවීම නිසා නිවැසියන්දදැඩි අපහසුතාවයට පත් ව තිබුණි නිසි පරිදි ජලය බැසයාමට කාණු පද්ධතියක් නොමැති වීම හා වැසි ජලය බැස යාමට තිබු පහත් බිම් ගොඩකර විවිධ ඉදිකිරිම් කිරිම නිසා මෙම තත්වය ඇති වීමට වැඩි වශයෙන් හේතු වු බව ප්‍රාදේශවාසින් පවසයි ,මෙම ස්ථානයේ සිට ජලය බැස යාමට කාණු මාර්ගයක් වෙරළ දෙසට තිබුණත් එම කාණු මාර්ගය අවහිර වන සේ විවිධ ඉදිකිරිම් කරලීමට වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ අනුමැතිය ලබා දි තිබෙන අතර වසර ගණනාවක සිට සිටි එම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරුන්ව සිටි පුද්ගලයන් මෙම කාණු මාර්ගය රැකදීමට හෝ එම කාණු මාර්ගය අවහිර වන සේ ඉදිකල ඉදිකිරිම් ඉවත් කිරිමට ක්‍රියා නොකිරිම නිසා මෙම තත්වය ඇති තිබෙන බව ප්‍රදේශවාසින් පවසයිචන්දන ප්‍රනාන්දු