වෙන්නප්පුව කොන්ක්‍රීට් පුරවරයක් කිරීම සහ හැන්ද ඇති අය වැඩියෙන් ඛෙදාගැනීමේ සුසන්ත ගේ අයවැයට ජවිපෙ සහ එජාපය විරුද්ධ වෙයි

0
121

48052977_2493745434001508_8180938394138836992_n(10.33am)ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට බලය හිමි වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ 2019 වසර සඳහා සභාපති සුසන්ත පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලද අයවැය වැඩි ජන්ද 14 න් සම්මත විය. දෙසැම්බර් 13 වෙනිදා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ අයවැය පැවැත්වුණ අතර නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් තිදෙනෙකුගේ  හා ස්වාධීන මන්ත්‍රිවරයෙක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් 24 දෙනෙකුගේ  ඡන්දයෙන්  අයවැය සම්මත විය.
වෙන්න්පුව කොන්ක්‍රීට් පුරවරයක් කරමින් පුනරාවර්තන වියදම් වලින් සමන්විත මෙම අයවැය ජනතාවගේ ජීවිත වලට ගුණාත්මක අගයක් එක්කිරීම වෙනුවෙන් වූ අයවැයක් නොවන බව අයවැයට විරුද්ධ වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ අදහසයි. එමෙන්ම  කෙසේ වෙතත්   ආණ්ඩුපක්ෂයට වැඩිපුර ගසාකෑම වෙනුවෙන් අවස්ථාව සලසා ඇති මෙම අයවැයේ   ප්‍රතිපාදන වැඩියෙන් වෙන්කර ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බවද විපක්ෂ නායකවරයා පවසා ඇත.