වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල කඩාවැටෙයිද ?- සේවකයෝ බි්‍ය පළකරති. ?

0
205

AGA office wenවෙන්නප්පුව ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය පිහිටා ඇති තෙමහල් ගොඩනැගිල්ලේ ස්ථාන කීපයකින් එහි කොන්ක්‍රිට් ස්ථර පහත්වීම නිසා එම ගොඩනැගිල්ල හා එහි සේවය කරන සේවක සේවිකාවන්ගේ මෙන්ම සේවය ලබන්න එන මහජනතාවගේ ජීවිත දැඩි අවදානමක තිබෙන ප්‍රදේශවාසින් පවසයි.
පසුගිය දිනවල එම ගොඩනැගිල්ලේ පහත පාලයේ කොන්ක්‍රිට් ස්ථරය බොහෝ ස්ථානවලින් පහත් වීම එහි ඇති දොර ජනෙල්වලට විශාල හානියක් වු බවත් එය නැවත පිළිසකර කලත් එහි තිබෙන අවදානම් තත්වය පහ වි නොමැති බව නම හෙලි කිරිමට අකමැති සේවක සේවිකාවන් පිරිසක් පැවසීය.
ෙම තත්වය ගොඩනැගිල්ලේ පාදම දක්වාම තිබෙන බවත් බිමට අතුරා ඇති පිඟන් ගඩොල් පවා කැඩිගොස් එවා අතර විශාල සිදුරු ඇති වු බවත් ඒවා තාවකාලිකව පිළිසකර කලත් එහි අවදානම පහව ගොස් නැති බව ඔවුන් පවසයි.
මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් සම්පුර්ණ තත්ව වාර්තාවක් ගත යුතු බවත් ඉහළ බළධාරින් මේ සම්බන්ධයෙන් කිසිදු විධිමත් ක්‍රියා මාර්ගයක් නොමැති වීම තුල එහි සේවය කරන තමන්ගේ ජීවිත හා එහි පැමිණෙන ජනතාවගේ ජිවිතවලට අවදානම්කාරි තත්වයක් තිබෙන බවත් විනාශයක් වීමට පෙර බළධාරින්ගේ අවදානය මෙම ගොඩනැගිල්ලට යොමුවිය යුතු බව ඔවුන් පවසයි.
මේ සම්බන්ධයෙන් විමසීමේදි වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් යු සුජීවා ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසීය අපිට මේ ගැන මාද්‍යට ප්‍රකාශයක් කරන්න හැකියාවක් නැ මේ ගැන ඉහළ නිළධාරින්ට අපි දැනුම් දීලා තියෙන්නේ වයඹ පළාත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි චිත්‍රාල් ප්‍රනාන්දු මහතා මටත් මෙම ගොඩනැගිල්ලේ අවදානම් තත්වය හා එම ගොඩනැගිල්ලේ සිදු වෙනස් කම් ගැන දැන ගන්න ලැබුණා එහි ගිය අවස්ථාවක මමත් දැක්කා එහි තත්වය මේ සම්බන්ධයෙන් ප්‍රාදේශිය සංවර්ධන සම්බන්ධිකරණ කමිටුවේදි අවදානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් වයඹ පළාත් වෙන්නප්පුව ප්‍රාදේශිය ඉංජිනේරු කාරයාලයේ ප්‍රධානි එච් සි ජේ තිලකරත්න මහතාගෙන් අදහස් විමසීමේදි මෙසේ කීය ප්‍රාදේශිය ලේකම් තුමියගේ දැනුම් දීමකට මමත් එහි ගොස් එම ගොඩ නැගිල්ල පරික්ෂා කලා එම ස්ථානයේ භුමිය යම් ගිලා බැසිමක් තිබෙන බව පේනවා එත් එහි ප්‍රධානතම සැකිල්ලට එයින් ලොකු හානියක් පේන්නේ නෑ නමුත් මම උපදෙස් දුන්නා මෙම ගොඩනැගිල්ල මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයට හෝ ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරික්ෂාවට ලක් කරන්න කියලා
චන්දන ප්‍රනාන්දු