වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව අන්තර්ජාලයට

0
362

මැයි 27 වනදා වෙන්නප්පුව  ප්‍රාදේශීය සභාවට බදු ගෙවන ජනතාවට අති විශේෂ දවසකි. එයට හේතුව වන්නේ ප්‍රාදේශීය සභාව ඩිජිටල්කරණය වීමයි. එනම් වෙන්නප්පුව ප්‍රා.සභාවේ නිල වෙබ් අඩවිය විවෘත වීමයි. එම විවෘත කිරීමේ අවස්ථාවට ,ප්‍රා.සභාපති සුසන්ත පෙරේරා ,නි.අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා,වයඹ පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා,ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.
මෙම වෙබ් අඩවිය  තිළිණ චාමර අන්ද්‍රාදි විසින්  නිර්මාණය කළ අතර වෙබ් අඩවියට  එකතු කළ යුතු නවාංග පිළිබද සාකච්ජාවක් ද එහිදී සිදුවිය. ඉදිරියේ දී මෙම වෙබ් අඩවිය හරහා  පුරවැසියන්ට ප්‍රතිලාභ අත්කරදීමේ අලුත් පියවරක් ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීම හා අන්තර්ජාලය ඔස්සේ බදුගෙවීමේ පහසුකම් ද ඇතිකිරීමට නියමිතය.  http://www.pswen.org

SAM_0846SAM_0852

සටහන – තිළිණ චාමර

420808_10150649308409911_1656802973_n

https://www.facebook.com/thilina.andradi?fref=ts