වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිගේ බාල වැඩ රටටම පෙනෙයි..

0
65

ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හා දැයට කිරුළ සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව වෙන්නප්පුව ප්‍රදේශීය සභාවේ අධික්ෂණයෙන් ලක්ෂ 500ක් පමණ වියදමකින් ඉදිකරමින් තිබු වෙන්නප්පුව බස් නැවතුම් පලේ කොන්ක්‍රිට් ආවරණය අද දහවල්  කඩා වැටී තිබේ. මේ සම්බන්ධයෙන් වාර්තා කරන ලංකාදීප ප්‍රාෙද්ශීය වාර්තාකරු විසින් මේ බව වාර්තා කර ඇති අතර  ඔහු සදහන් කර ඇත්තේ එම ස්ලැබ් එක කඩාවැටෙන විටත් එහි කම්කරුවන් සේවය කර ඇති බවයි. මෙහි ඉදිකිරිම් භාරව රාජ්‍ය ඉජිනේරු සංස්ථාව කටයුතු කර ඇති අතර එස්.ඩි.කේ නැමති අයතනයක් උප කොන්ත්‍රාත් කරු ලෙස කටයුතු කර ඇත.
මේ  බස්නැවතුම ඉදිකිරීම සම්බන්ධයෙන්  උප කොන්ත්‍රාත්තුව ලබාදී ඇති ආයතනයට මෙම ඉදිකිරිම සඳහා කොන්ත්‍රාත්තුව ලබාදීමේදී  සලකා බැලිය යුතු  සුදුසුකම් ගැන වගකිවයුත්තන් උනන්දු වූවාද යන්න ගැටළුවක් මෙහිදී  මතුවේ. ඉදිකිරීම් හි වර්ගීකරණය අනුව අදාළ ශ්‍රේණිගත පුද්ගලයන්ට කොන්ත්‍රාත්තුව ලබාදියයුතුය. මෙවැනි ආකාරයේ ගොඩනැගීම් වලදී සාමාන්‍යෙයන් සිදුවන්නේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව  ශ්‍රේණිගත ආයතනයක් විසින් ලබාගෙන එය නැවත උප කොන්ත්‍රාත්තුවක් ලෙස සුදුසුකම් නොමැති ආයතන වෙත ලබාදීමයි.  වෙන්නප්පුව බස්නැවතුම්පලට සිදුවූයේත් එවැනිම අකටයුතු ක්‍රියාවක ප්‍රතිපළයක් විය හැක. ඒවායින් පීඩා විදින්නට වන්නේ අහිංසක මහජනතාවට වීම අභාග්‍යයයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන වගකිවයුත්තා වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයයි.  මෙම බස්නැවතුම්පළ කඩාදමන විටත් වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවේ විපක්ෂය හෝ දැනුවත් කර නොතිබුණි. මේ වැනි දේ ඉදිරියේ මුනිවත රකින ප්‍රාෙදේශීය සභාවේ විපක්ෂය ද මෙයට වගකිව යුතුය. 10580264_771440919565310_8085150832280007184_n


ඡායා  – චන්දන ප්‍රනාන්දු/ ලංකාදීප ප්‍රාද්ශීය වාර්තාකරු
   https://www.facebook.com/chandana.fernando.33?hc_location=timeline