වෙන්නප්පුව ප්‍රාදේශී්‍ය සභාවේ සංවර්ධන පැලැස්තර ?

0
427

මේ ලඟදී දිනක වෙන්නප්පුව නගරයේ ප්‍රධාන පාරක් සම්බන්ධයෙන් ප්‍රෙද්ශවාසීන් පිරිසක් ගොස් ප්‍රාෙද්ශීය සභාපතිවරයාට ඉල්ලීමක් කර තිබුණේ අවුරුදු  20කින්පමණ පිළිසකර කර නැති තම මාවත සාදා දෙන ලෙසයි. මෙම පාර ‘පේරගස් හන්දිය‘ ලෙස හැඳින්වෙන මාවතයි.
දිග පාරක් වන මෙම පාරේ තැනින් තැන රැළි වැටී කඩතොලු වී ඇති අතර වාහනය ගමන් කරන විට උඩ යයි. මෙම පිරිසගේ ඉල්ලීමෙන් පසුව දින කීපයකින් වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවෙන්  තාවකාලිකව තැනින් තැන සකසා ඇති ආකාරය ඡායාරුප වල දිස්වේ.
මේ ආසන්න දිනකදී වෙන්නප්පුව ප්‍රෙදේශයේ සංවර්ධනය ගැන සාකච්ජා වන සංවර්ධන කමිටු ව රැස්ව තිබූ අතර එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී තිබුණේ බස් නැවතුම් පොළ හා අලුතින් තැනෙන පොළ පිළිඳවයි. චච
මේ ආකාරයට වෙන්නප්පුව නගරයේ තවත් ප්‍රධාන පාරවල් කීපයක් අබලන් තත්ත්වයේ ඇතත් එවා ගැන වගකිවයුතු අයගේ අවධානය මෙතෙක් යොමුවී නොමැත.
පාරක් හදාගන්නට බැරි ප්‍රාෙද්ශීය සභාවකින් වැඩක් ඇත්දැයි අසන්නට සිදුුවී ඇතත්, මෙහි වරද පැටවෙන්නේ ද ජනතාව අතය. තමන්ගේ එකා, ගමේ එකා යැයි කියමින් දැන් අවුරුදු හතරක් පමණ වෙන්නප්පුවේ ජනතාව ද සුසන්ත මහතා ගෙදරට ඇවිත් තමන්ගේ පාරවල් හදාදේවී යැයි සිතාගෙන සිටින පිරිසක් ද සිටියි. නැත්නම් මෙයා ඉන්නේ මේ පාර විතරනේ අනිත් පාර නම් දෙන්නේ නෑ එතකොට බලමු යැයි සිතන පිරිසක් ද සිටිති. මේ දෙවිදියම හොඳ නැත. කවුරු ආවත් වෙන්නප්පුව නගරයේ ආදායමෙන් කුමක් ද නගරයට සිදුවන්නේ කියා අධික්ෂණයෙන් සිටිය යුතු නගරවැසියන් අවශ්‍යය. එසේ නොවන කල සිදුවන්නේ
අඩි මීටර් 300ක පාරට දමන්නට ඇති කොන්ක්‍රීට් මීටර් 100 ක පාරටත් දමාදි හිතවත් අයගේ සිත සනසන්නට සැදී සිටින ප්‍රාෙද්ශීය සභා පාලනයක් බිහිවීමයි. දැන් සිදුව ඇත්තේ එයයි.
උදාහරණයක් ගතහොත් වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවට වම් පැත්තේ ඇති පාර අවුරදු ගණනකින් පිළිසකර කර නොමැත. පොඩි වැස්සකටත් පිරෙන වලවල්ය. නමුත් සමහර පොඩි පාරවල් කොන්ක්‍රීට් දමා සාදා ඇත.  බර වාහන මෙන්ම වැඩි ජනතාවක් ගමන් ගමන් කරන පාරවල් පළමුව සංවර්ධනය කර පිළිසකර කළ යුතුය. ප්‍රාෙද්ශී්‍ය සභාවක ප්‍රධාන වගකීම එයයි.

 

ඡායා – ජසින්තා නිර්මලී