වෙන්නප්පුව ප්‍රා.ලේකම් කාර්යාලය වැඩ වර්ජනයේ

0
240

අද දින පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රා.ලේකම් කාර්යාල කීපයක වැඩ අත්හිටවා තිබේ. ඒ පුත්තලම  ප්‍රා.ලේකම්වරයාට සහ ඔහුගේ රියදුරුට යම් පිරිසක් විසින් සිදුකළ  පහරදීමට විරෝධය දැක්වීම පිණිසය. ප්‍රා.ලේකම්වරයා මෙ වනවිටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. මේ සිදුවීම සිදුවී ඇත්තේ  එම ප්‍රදේශයේදී වල් අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මිය යාමත් ඒ  නිසා  ප්‍රදේශවාසීන් විරෝධතාවයක නියලීමත් හේතුකොට  මේ පිළිබද විමසා බැලීමට ප්‍රාදේශීය ලේකම් එම සථානයට ගොස් සිටි අවස්ථාවේදීය. මෙලෙස කෝප වී සිටි පුද්ගලයන් ඔවුන්ට පහර දී ඇති අතර මේ වනතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත. ප්‍රා. ලේකම්වරයාට පහරදුන් පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් පුත්ලම හා වෙන්නප්පුව ඇතුළු ප්‍රා.ලේකම් කාර්යාල වල  අද වැඩවර්ජනයක් සිදුවිය.
P1200140