වෙන්නප්පුව ප්‍රා. සභාපතිගේ වැව් ප්‍රේමය, අධිකරණයේ දී දිගහැරෙයි…

0
55

වෙන්නප්පුව මහ වැවේ සිදුකර ඇති අනවසර හා  නීති විරෝධී ඉදිකිරීම සම්බන්ධයෙන්  අධීකරණයේ පවතින නඩු විභාගයේ ප්‍රධාන සාක්ෂි විමසීමක් අගෝස්තු මස 11 වනදා පැවැත්විණි.  මේ වනවිට වැව සම්බන්ධව සිදුකරන  මැනීම් කටයුතු අවසන්වී ඇති බව වාර්තා වේ.  එදින රජයේ පාර්ශවය විසින් ප්‍රධාන සාක්ෂිකරු ලෙස ඉඩම් මැනීම් ක්ෂේත්‍රෙය් නිලධාරියෙකු ඉදිරිපත් කර තිබේ.
මෙදින හරස් ප්‍රශ්න වලට කාලයක් නොලැබී ඇති අතර නඩුව නැවත සැප්තැම්බර් මස 19 වන දිනට කල්ගොස් ඇත. වෙන්නප්පුව වැවේ මෙම අනවසර ඉදිකිරීම සිදුකරන ලද්දේ අනිල් ප්‍රනාන්දු නමැත්තෙක් වන අතර මේ සඳහා අනුමැතිය  ලබාදුන්නේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයායි. පසුව මෙම අනවසර ඉදිකිරිම නීතිවිරෝධී බවට වූ  ප්‍රාදේශීය ඉංජිනේරුවරයාගේ අණද නොතකමින් මීටර් 100ක පමණ මෙම ඉදිකිරීම නැවතත් බොරළු දමා පුරවන ලදී. මෙම බොරළු පිරවීම සම්බන්ධව අවට ප්‍රෙද්ශවාසීන් විසින් ප්‍රා. සභාපති සුසන්ත පෙරේරාට දුරකථනයෙන් දැනුම් දී ඇතත් ඔහු එය වලක්වන්නට කිසිදු පියවරක් නොගත්තේය. මේ සිදුවීම් වලින් කියවෙන්නේ අනිල් ප්‍රනාන්දුගේ මෙම අනවසර ඉදිකිරීමට වෙන්නප්පුව ප්‍රා. සභාපතිවරයා විසින් සම්පූර්ණ සහයෝගය ලබාදුන් බවයි. ඒ වගේම මේ වනවිටත් මෙම ඉදිකිරීම කඩාදමන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එවා ඇති නියෝග ද මෙම ප්‍රාෙද්ශීය සභාපතිවරයා සතුව පවතින  අතර ඔහු ඒවා කිසිවක් නොතකා  ඇත්තේ සිය දේශපාලන බලඅධිකාරිය දඩමීමා කරගනිමිනි. lakeWP_0001411-300x2241