[starlist][/starlist]වෙන්නප්පුව මහ වැවේ යම් ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස ගොඩකිරීම සම්බන්ධයෙන් පසුගියදා සිරස මාධ්‍යයේ විමර්ශන අංශයෙන් ද විමසුමට ලක්කරන ලදී. ඉන්පසුව 2013 අප්‍රේල් 07 වනදා වෙන්නප්පුව ප්‍රාදේශීය ඉංජිනේරුවරයා විසින් ලිපියක් එවමින් දැනුම් දී තිබුණේ වැවේ සිදුකර ඇති මීටර් 100ක අනවසර ගොඩකිරීම සිදුවී ඇති ක්‍රියා පටිපාටිය නීත්‍යානුකූල නොවන බවත් එම නිසා එම වැව් ඉවුරේ සිදුකර ඇති බැම්ම නොපමාව ඉවත් කර ඉවුර යථා තත්ත්වයට පත්කරන ලෙසයි. වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයාට යොමුකර ඇති මෙම ලිඛිත දැනුම්දීමේ ලිපියේ කොපියක් මාධ්‍ය සහ ගොවි සංවිධානය වෙතද එවා තිබුණි. මේ වන විටත් එම වැව් බැම්ම් ගොඩකර ඇති ප්‍රමාණය එලෙසින්ම ඇති අතර තවම් කිසිවක් ඉවත්කර නොමැත.
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයා නැවතත් ගොවි සංවිධානය සහ මෙම ඉදිකිරීම සිදුකර ඇති අනිල් ප්‍රනාන්දු නමැත්තා ද ගෙන්වා සාකච්ඡාවක් සිදුකිරීමට සැරසෙන බව වාර්තාවේ. ප්‍රාදේශීය ඉංජිනේරුවරයාගේ අන නොතකා නැවත වටයකින් අනිල් ප්‍රනාන්දුව ගොඩ දැමීමට ප්‍රාදේශීය සභාපතිවරයා උත්සාහ දරනු පෙනේ. මේ පිටුපස තිබෙන්නේ නීතියට පිටින් ගොස් සිය දේශපාලන අධිකාරිය මෙහෙයව්‍ා ව්‍යාපාරිකයෙකු ගලවා ගැනීමේ අරමුණයි. ඉතිහාසය පුරා පොදු දේපලක් ලෙස වෙන්නප්පුව ගම්වාසීන් සතුව තීබූ මෙම වැව විනාශයේ ආරම්භය සදහා දොරටු විවෘත කිරීමේ වගකිවයුත්තා ලෙස වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයා ඉතිහාසයට එක්වීමට සැරසෙනු පෙනේ.
