වෙන්නප්පුව ප්‍රා.සභාවේ වැසිකිලි පහසුකම් නැති කඩ කාමරයකට රු 50 000 ක්?

0
311

3වෙන්නප්පුව ප්‍රාදේශී්‍ය සභාව කඩා අලුතින් ඉදිකළ ගොඩනැගිල්ලේ බහුකාර්ය ගොඩනැගිල්ලක් ලෙස නම්කර  එහි ව්‍යාපාරිකයින්ටද කඩ කාමර වෙන්කර තිඛේ. ව්‍යාපාරිකයන් සදහා වෙන්කළ එක කාමරයක මිළ මසකට රුපියල් 50000කි. මේ වනවිට එහි ව්‍යාපාර ආරම්භ කර ඇති ව්‍යපාරිකයන් පවසන්නේ මෙම කඩ හිමියන් සදහා  වැසිකිලි පහසුකම් මෙම ගොඩනැගිල්ල තුළ ඉදිකර නොමැති බැවින් තමන් මහත් අපහසුතාවයකට පත්වී ඇති බවත්  සමහර කාමර වල වැසිකිලි පහසුකම් ඇති නමුත් ඒවා පුද්ගලික පරිහරණයේ තිඛෙන බවයි. රුපියල් 50000ක් ගෙවා  ගත් කඩ කාමර වල ව්‍යාපාර සිදුකරන පුද්ගලයන් හට සිය සනීපාරක්ෂක කටයුතු සදහා ප්‍රා.සභාවේ පිටුපස ඇති ඉතාම අපිරිසිදු පොදු වැසිකිලයකට  යාමට සිදුව තිඛෙන බවයි. ඔවුන් පවසන්නේ මෙම ගොඩනැගිල්ල සැලසුම් කරන විට ඒ වෙනුවෙන් පොදු වැසිකිලි පද්ධතියක් වෙන්කර නොතිබීම විශාල අඩුපාඩුවක් බවයි. එමෙන්ම මෙහි කඩ කාමරයක් රු 50000කට මිළ කර තිබීමද ඉතාම අයුක්ති සහගත වන අතර මීට පෙරද වෙන්නප්පුව   ප්‍රා.සභාව මුල්වී  ඉදිකළ බස්නැවතුම අසල කඩකාමර ද ඉතාම කුඩා මෙන්ම කිසිදු පහසුකමකින් තොර ව එම කඩ කාමර ඉදිකිරීම සම්බන්ධයෙන් ජනතාව චෝදනා කරති.
ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට ලැඛෙන සංවර්ධන මුදල් වලින්  ගොඩනැගිලි තනා ඒවායින් ඔ්නෑවට වඩා ලාභ ඉපයීමට යාම මගින් සිදුවන්නේ ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් නොලැබී යාම නොවේ ද?3