වෙන්නප්පුව පොලීසියට නෑගම් ගිය පුංචි අමුත්තෝ

0
108

10501956_964285446947522_8358483320704728435_nවෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් ප්‍රාථමික විදුහල් අදර්ශ අවුරුදු උත්සවය අද 15 විදුහල් භුමියේදි පැවැත්විණ පළමු වසර දරුවන් මුලික කරගෙන එම දරුවන්ට සිංහල දෙමළ අවුරුදු සිරිය හා සිරිත් විරිත් ගැන අවබෝධයක් ලබාදීමේ අරමුණින් මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණ ආරාධිත අමුත්තන් අලංකාර කරත්ත කීපයකින් උත්සව භුමියට කැඳවාගෙන ඒමෙන් පසු මෙම අවුරුදු උත්සවය ඇරඹි අතර සියලුම සිරිත් විරිත් හා චාරිත්‍ර වාරිත්‍ර ජනක්‍රිඩාදරුවන්ට ප්‍රායෝගිකව පෙන්වා දෙමින් විදුහල්පති ප්‍රියන්ජීව ගුණරත්න ප්‍රාථමික අංශබාර බෙනට් සාන්ත යන පියතුමාන්ලගේ උපදෙස් මතප්‍රාථමික අංශ අචාර්ය මණ්ඩලය හා දෙමාපියන් මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි .
අවසානයේ පුංචි දරුවන් වෙන්නප්පුව පොලිස් ස්ථානයට නැගම් යාමද සිදු කල අතර වැඩබලන ස්ථනාධිපති පොලිස් පරික්ෂක සමන් දසනායක මහතා ඇතුලු නිළධාරින් එම දරුවන්ව සාදරයෙන් පිළිගෙන පොලිසියේක්‍රියාකාරිත්වය හා එහි වටපිටාව ගැන දැනුවත් කිරිමක්ද සිදු කරනලදි එහිදි එම දරුවන් අමතමින් පවසා සමන් දසනායක මහතා සිටියේ නිතරම පැමිණිලි නඩුහබ අරන් ජනතාව එන අතරේ මේ පුංචි දරුවන් තමන්ව බලන්න නෑගම් පැමිණිම තමන්ට ලොකු සතුටක් බවයි.
සටහන සහ ඡායාරූප – චන්දන ප්‍රනාන්දු
තවත් ඡායාරූප –
https://www.facebook.com/chandana.fernando.33?fref=tl_fr_box&pnref=lhc.friends