වෙන්නප්පුව මඩම පාරේ මාරාන්තික තැලවිල්ල…

0
340

වෙන්නප්පුෙව් මඩම පාරේ  තුන්මංහංදියේ ඇති වතුර බැස යාමට යැයි කියා තැනු තැලවිලි 2 කක් මාරාන්තික ඒවා බව ප්‍රදේශවාසින් පවසා සිටිති.විශේෂයෙන්ම වෙන්නප්පුවේ සුසාන භූමිය පැත්තේ සිට දකුණතට වු මඩම පාර ට කිසියම් අයෙක් යතුරු පැදියක් හරවන්නේ නම් ඔහු මේ තැලවිල්ලේදි මහත් අවධානයකින් සිය යතුරු පැදිය පාලනය කරගත යුතුව ඇත.
විශේෂයෙන්ම මේ අනතුරුදායකබව සම්බන්ධයෙන් මේ ස්ථානය ගැන දන්නා අය පෙර අවබෝධයක් සහිතව ගමන් කරද්දි මේ පාලනය පහසු විය හැකි වුවද නොදන්නා අයෙක් මේ තැලවිල්ල හරහා ගමන් කරන්නේ නම් එය නිතැතින්ම ආවධානම් සහිතය.
මේ තැලවිලි නිසා මේ වනවිටත් ජිවිතක් බිලිගෙන හමාරය.

එහෙත් ඒ මරණයට හේතුව හෙල්මට් එකක් පැළද  නොසිටම බව ඇතැමුන්ගේ විග්‍රහයන් බවට පත්ව තිබුනද මේ තැලිවිලි වල ඇති අනතුරුදායක බව සම්බන්ධයෙන් මේ අවස්ථාවේ විශේෂ අවධානයක් යොමුකළ යුතුව ඇත්තේ වෙන්නප්පුව නගරයට  මෙන්ම බාලිකා පාසැලට ද යනෙන දහස් ගණනක් මේ මාර්ගය ඔස්සේ ගමන් ගැනිමත් නිසාය.
මේ සම්බන්ධයෙන් අප වෙන්නප්පුවේ ප්‍රාදේශිය සභා වේ තාක්ෂණික නිළධාරියෙකුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ මේ තැලවිලි අනතුරුදායක ඒවා බව තමන්ට පැමිණිලි ලැබි නැති බවය.