වෙන්නප්පුව වැවේ මත්ස්‍යයින් රංචු පිටින් මැරුණේ ඇයි ?

0
78
වෙන්නප්පුව ‘මහ වැව‘‘
වැව අපවිත්‍ර වී ඇති අවස්ථාවක්

දැනට දින 3කට ඉහතදී පටන් වෙන්නප්පුව නගරයේ ඇති ‘‘මහ වැව ‘‘ නමින් හඳුන්වන වැවේ සිටින මත්ස්‍යයින් විශාල වශයෙන් මිය යාමට   පටන් ගෙන ඇත. අප්‍රියෙල් 27 -28 යන දිනවල දී වැවේ සිටි විශාල මාලුන්, ඉස්සන් මියගොස් පාවීමට පටන් ගත් බව ප්‍රෙද්ශවාසීන් පවසති.  මෙය දුටු සමහර පුද්ගලයින් එම මාලුන් උර වල දමාගෙන ගෙන ගිය බවද ප්‍රෙද්ශවාසීන් දැක තිබේ.
මීට  පෙර ආසන්න කාලයකදී මෙවැනි ආකාරයට මාලුන් මිය ගිය බවක් දැක නැති බවද ඔවුන් පවසති. මෙයට හේතුව කුමක් ද? යන්න  කිසිවක් දැනගැනීමට මේ වනතෙක් වගකිව යුතු ආයතනයකින් පැමිණ පරීක්ෂණයක් ද සිදුකර නොමැත. මෙම වැව අපිරිසිදු වන ප්‍රධාන මාර්ග වලින් එකක් ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ  වෙන්නප්පුව නගර මධ්‍යෙය් සිට වෙන්නප්පුව පොලීසිය අසලින් ආරම්භ වන පාරට සමගාමීව ගලාගොස් වැවට වැටෙන්නට සලසා ඇති කාණුවයි. මේ පිළිබඳව වැව සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ද ගෙන නොමැත. කෙසේ හෝ මෙම වැවට මිරිදිය මසුන්  බෝ කිරීම සඳහා දැනට අවුරුදු කීපයකට ඉහතදී  කිිසියම් ව්‍යාපෘතියක් මගින් ලක්ෂ කීපයක් පාස් වී ඒ මුදල් වලින් මත්ස්‍යයින් බෝ විම සඳහා වැවට මුදාහරින ලදී.
lake 2
ඡායා – ෂෙහාන් ප්‍රනාන්දු