වෙන්නප්පුව වැවේ මාලුන් මැරෙන්නේ බෝ වීම වැඩි නිසා ද?

0
365

 

වෙන්නප්පුව මහ වැවේ මත්ස්‍යයින් මිය ගොස් එම ප්‍රදේශය  දුරඝන්ධය පැතිර ගොස් ඇති අතර ජලය ද අපිරිසිදු වී ඇති බව ජනතාව පවසති. මෙවැනි ආකාරයකට වෙන්න්ප්පුව වැවේ  මාලුන් මිය යාමක් 2014 වසරේ  අප්‍රේල් මාසයේ අවසාන සතියේ දින කිපයක් පුරා සිදුවිය. මේ සම්බන්ධයෙන් වෙන්න්ප්පුව MOH එකෙන් පැමිණ විමසීමක් කර තිබුණද මෙයට හේතුව කුමක්ද යන්න පිළිබදව නිසා ලෙස ඒ අවට ජනතාව දැනුවත් කර නොතිබුණි.
මෙලෙස මාලුන් මිය යන්නේ ඇයිද ? යන්න පිළිබදව අප අද  වයඹ පළාත් කෘෂිකර්ම , සුළු වාරිමාර්ග , ගොවිජන සංවර්ධන හා සත්ව නිෂ්පාදන හා සංවර්ධන අමාත්‍යාංශයේ කුරුණෑගල අධ්‍යක්ෂකවරයාගෙන් විමසා සිටියේය. ඔහු විසින් අපට පැවසූවේ 2014 වසරේදී වෙන්නප්පුව වැවේ සිදුවූ මාලු මියයාම සම්බන්ධයෙන් ඔවුන්ට වාර්තා වූ පසු ඒ ගැන සොයා බැලීමක් සිදුකළ බවයි. ඒ සදහා හේතුව වී තිබුණේ අභිජනනය සදහා   වැවට මුදාහැර තිබූ පැටව් ප්‍රමාණය වැඩි බවත් , වැවේ ඇති ජල ප්‍රමාණය තුළ මත්ස්‍යයින්ට ජීවත්වීමට ඇති පාරසරික  වටපිටාව මදිවීම නිසා එය සිදුවූ බව ඔවුන්ගේ නිගමනය වූ බවයි.
පසුගිය දිනවල සිදුවූ මාලුන් මිය යාම පිළිබදව තවමත් කිසිවෙකුත් තමන්ට දැනුම් දී නැති බවත්   ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සොයා බලන බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.