”වෙන්නප්පුව වැව” ගැන මහඇමතිට කියන එජාප මන්ත්‍රි කවුද ?

0
44
පරිසරය සම්බන්ධ ඕනෑම ප්‍රශ්ණයකට මම 200% ක් පෙනී සිටිනවා.ජාතික වශයෙන් තිබෙන සියළුම වැඩ පිළිවෙළවල් වලට මම එකඟයි යනුවෙන් වයඹ ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා 2014.06.09  දින  කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් සංවර්ධන  කමිටු රැස්වීමේදි අවධාරණය කර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා ඇත්තේ , මධ්‍යම රජයේ බලතල බෙදීමට අනුව පළාතේ පරිසර අධිකාරියේ වැඩ කාටවත් කරන්න බෑ.ප්‍රශ්ණයක් තියනවනම් අපේ පරිසර අධිකාරියත් එක්ක සාකච්ඡා කරන්න.මම අපේ සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා එක්කත් සාකච්ඡා කළා. එතුමා කිව්වෙත් වයඹට අත ගහන්න එපා කියලා.පළාතේ පරිසර ප්‍රශ්ණයක් තියනවානම් ඒක අපි විසඳාගන්නම්.

මහඇමැති වරයාගේ මේ 200% පොරොන්දුවේ ඇත්තටම ක්‍රියාත්මක කරන එකක් දැයි  හරියට දැනගැනිම වෙන්නප්පුව සහ අවට නියෝජනය කරන එජාප පළාත් සභා මන්ත්‍රින් දෙදෙනෙකුට දැන් අවස්ථාව සැලසි තිබේ.
එනම් වෙන්නප්පුව වැව අරඹයා දැන් වසරකටත් වැඩි කාලයක සිට මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් ස්ථිර මැදිහත්විමක් මහඇමතිවරයා විසින් කරනු ලබන්නේදැයි දැනගැනිමට මුල පිරිමය.
එක්සත් ජාතික පක්ෂ වයඹ පළාත් සභා මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි යන කලක් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ සභාපති ලෙසින් කටයුතු කළ අයෙකි.
එහෙත් අවාසනාවට ඔහු ප්‍රදේශයේ කිසිදු සමාජ ප්‍රශ්ණයකට මැදිහත් නොවන්නෙකි.වැව ගැන මෙතෙක් කිසිදු මැදිහත්විමක් සිදුකර තිබුනේ නැත.
මේ අනුව සමාජ ප්‍රශ්ණ ගැන උද්යෝගයෙන් මැදිහත් වෙමින් වඩාත් ක්‍රියාකාරි දේශපාලනයක නියැලි සිටින තරුණ මන්ත්‍රිවරයෙක් වන වයඹ පළාත් සභා මන්ත්‍රි නිතිඥ චිත්‍රාල් මහතා ඉදිරියේදි වෙන්නප්පුව වැව ව්‍යාපාරික අවශ්‍යතාවන් වෙනුවෙන් විනාශවිමට එරෙහිව මහඇමතිවරයා ඉදිරියට ප්‍රශ්ණය ගෙනයමින් වසර  2කක් තිස්සේ ඇදුන ප්‍රශ්ණය නිරාකරණයට මැදිහත්වනු ඇතැයි ප්‍රදේශවාසින් බලාපොරොත්තුවෙන් සිටිති.WP_0001411-300x2241