වෙන්නප්පුව වැව වටේ රවුමක් යන්න

0
954

WP 000810
WP 000807

WP 000808
Negombo-News
වෙන්නප්පුව ප්‍රාදේශීය .ලේකම් බල ප්‍රදේශයට අයත් වැව දහයකි. එයින් වෙන්නප්පුව  ග්‍රාම නිලධාරී කොට්ඨාශයට අයත් වන්නේ ” මහ වැව, සහ ගොරක ගහ වැවයි”. මේ වැව් දෙකෙන් ‘ගොරක ගහ’ වැව අක්‍රියව පවතින අතර මහ වැව ක්‍රියාකාරිව පවතී.

වෙන්නප්පුව නගරයේ සිට කිලෝ මීටර් 3ක පමණ නුදුරින් පිහිටා අැති මෙම ‘මහ වැව’ අවසාන වරට ප්‍රතිසංස්කරණය කරන ලදදේ 2000 වර්ෂයේදී බව වෙන්නප්පුව  ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 2005 දි කරන ලද තොරතුරු සංග්‍රහයක සදහන් වේ. මෙම මහ වැවේ ආශ්‍රයෙන්  පෝෂක වන කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 72ක පමණ වන බව ද එහි සදහන් වේ. ඒවා පෙර කාලයේ වගා කළ වගා බිම් වුවද දැනට වගා නොකෙරේ.
වෙන්නප්පුව පොලීසිය අසලින් ආරම්භ වන මාවත ගංගොඩ දක්වා දිවෙන අතර වැව බෙදෙන්නේ එම මාර්ගය හේතුවෙනි. වෙන්නප්පුව  ග්‍රාමය පාලනය කළා යැයි සැලකෙන වෙන්නාර් රජුට අයත් මාලිගාව පිහිටි භූමියේ එක් කෙළවරක් මෙම වැව ඉසමත්ත්තෙන් කෙළවර වේ.
මෙම මහ වැව මේ වනවිට  ප්‍රතිසංස්කරණ කර එය වටා පිහිටා ඇති මාර්ගය සම්පූර්ණයෙන්  තනා අලංකාර කර තිබේ. වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇති අතර වෙන්නප්පුව ග්‍රාමයට අයත් ස්වභාවික සම්පතක් මෙලෙස ආරක්ෂා කර පිළිසකර කිරීම ප්‍රශංසනියය කටයුත්තකි.

මෙහි මාළුන් ඇල්ලීම බිලිපිති මගින් පමණක් සිදුකරන ලෙස ත් දැල් ආම්පන්න භාවිතා  නොකරන ලෙසත් ප්‍රාදේශීය සභාව විසින් දැනුම් දීමක් කර ඇත.

Photo by shehan Fernando
301375 2307640205100 618198982 n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here