වෙන්නප්පුව නගරයේ සිට කිලෝ මීටර් 3ක පමණ නුදුරින් පිහිටා අැති මෙම ‘මහ වැව’ අවසාන වරට ප්රතිසංස්කරණය කරන ලදදේ 2000 වර්ෂයේදී බව වෙන්නප්පුව ප්රාදේශිය ලේකම් කාර්යාලයේ 2005 දි කරන ලද තොරතුරු සංග්රහයක සදහන් වේ. මෙම මහ වැවේ ආශ්රයෙන් පෝෂක වන කුඹුරු ප්රමාණය හෙක්ටයාර් 72ක පමණ වන බව ද එහි සදහන් වේ. ඒවා පෙර කාලයේ වගා කළ වගා බිම් වුවද දැනට වගා නොකෙරේ.
වෙන්නප්පුව පොලීසිය අසලින් ආරම්භ වන මාවත ගංගොඩ දක්වා දිවෙන අතර වැව බෙදෙන්නේ එම මාර්ගය හේතුවෙනි. වෙන්නප්පුව ග්රාමය පාලනය කළා යැයි සැලකෙන වෙන්නාර් රජුට අයත් මාලිගාව පිහිටි භූමියේ එක් කෙළවරක් මෙම වැව ඉසමත්ත්තෙන් කෙළවර වේ.
මෙම මහ වැව මේ වනවිට ප්රතිසංස්කරණ කර එය වටා පිහිටා ඇති මාර්ගය සම්පූර්ණයෙන් තනා අලංකාර කර තිබේ. වෙන්නප්පුව ප්රාදේශීය සභාව විසින් මෙම ප්රතිසංස්කරණ කටයුතු සිදුකර ඇති අතර වෙන්නප්පුව ග්රාමයට අයත් ස්වභාවික සම්පතක් මෙලෙස ආරක්ෂා කර පිළිසකර කිරීම ප්රශංසනියය කටයුත්තකි.
මෙහි මාළුන් ඇල්ලීම බිලිපිති මගින් පමණක් සිදුකරන ලෙස ත් දැල් ආම්පන්න භාවිතා නොකරන ලෙසත් ප්රාදේශීය සභාව විසින් දැනුම් දීමක් කර ඇත.