වෙන්නප්පුව ශාසනාරක්ෂක බළ මණ්ඩලය විසින් සංවිධානය කල පුත්තලම් දිස්ත්රික් බෞද්ධ ස්වාමින් වහන්සේලා දැනුවත් කිරිමේ කිරිමේ වැඩ සටහනක් පසුගියදා වෙන්නප්පුවේදී පැවැත්විණි. මෙම රැස්වීම සංවිධානය කළ අය හැරෙන්නට මෙම ස්ථානයේ සිට ඇත්තේ වෙන්නප්පුව ප්රාදේශිය සභාවේ සභාපති හා කාර්ය මණ්ඩලය පමණී. ඔවුන්ත් නොහිටියා නම් එම පුටු ටිකත් හිස්ය.
කෙසේ වුවත් ගලගොඩ අත්තේ ඥාණසාර හිමි ඇතුළු මෙම අවස්ථාවට රාමාඥ්ඥ නිකායේ මාතලේ අමරවංශ අංගම්පිටියේ සුමංගල යන ස්වාමින් වහන්සේලාද සහභාගී වී ඇත. එමෙන්ම මෙම අවස්ථාවට වෙන්නප්පුව සාශනාඅරක්ෂක බළ මණ්ඩලයට අයත් විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා හා පුත්තලම් දිස්ත්රික්කයම නියෝජනය කරමින් ස්වාමින් වහන්සේලා හා වෙන්නප්පුව ප්රාදේශිය සභා සභාපති හා කාර්ය මණ්ඩලයත් එක්වී සිටියහ.