වෙනිසියුලාවේ සතියක් – දින දෙකකට කෙටි වෙයි.

0
62

ාවනිසියුලා1

 

වෙනිසියුලාවෙනිසියුලාවේ රජය විසින් එරට රාජ්‍ය ආයතන සේවය කරන දින ගණන සතියක දින දෙකකකට සීමා කිරීමට තීරණය කර තිබෙනවා.එයට හේතු වී ඇත්තේ පසුගිය කාල වකවානුවේ සිට එරට මුහුණ දෙන දැඩි බලශක්ති අර්බුදයයි.පසුගිය කාලයේ සිට වෙනිසියුලාව දැඩි නියගයකට මුහුණ දෙමින් සිටින අතර එරට ජලවිදුලි බලාගාර ඇති ප්‍රෙද්ශ වලට බොහෝ කාලයකින් වැසි ලැබී නැහැ.

එම නිසා බලශක්ති පරිභෝජනය සීමා කිරීමේ අරමුණින් මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් එරට උප ජනාධිපති තුමා පවසා ඇත්තේ රාජ්‍ය සේවයේ නියුනු පිරිස් රුකියාවේ යෙදිය යුත්තේ සතියේ සදුදා හා අගහරුවාදා යන දින දෙකෙහිදී පමණක් බවයි.එලෙසම පසුගිය මාර්තු හා අප්‍රේල් මාසයේ මුල් කාලයේත් රජය විසින් සිකුරාදා දින රජයේ සේවකයන්ට නිවාඩු දිනයක් බවට පත් කර තිබුණා. එසේ කර තිබුණේත් බල ශක්තිය ඉතිරි කර ගැනීමේ උපක්‍රමයක් ලෙසයි. එලෙසම පසුගිය පෙබරවාරි මාසේදී මෙහි තවත් මුල් පියවරක් ලෙස නිමි ඇදුම් හා අනෙකුත් දෑ අලෙවි කරන වෙලදසැල් දිනකට විවෘතව පවතින සේවා කාලය අඩු කිරීමටත් පියවර ගෙන තිබුණා.එලෙසම මේ වන විට තවදුරටත් වැසි නොලැබීම නිසා තත්වය තවත් උග්‍ර වී ඇති බව පවසන රජය හවස් කාලයේ පවතින අධික විදුලි ඉල්ලුම අඩු කිරීමේ අරමුණින් වේලාව පැය භාගයක් ඉදිරියට ගැනීමටත් කටයුතු කල අතර දිනකට පැය හතරක විදුලි කප්පාදුවක් සිදු කිරීමටත් තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

රජය විසින් ගෙන ඇති මේ පියවර ව්‍යාපාරිකයන් විසින් හා විපක්ෂය විසින් දැඩි ලෙස විවේචනයට ලක්ව ඇති නමුත් රජය පවසන්නේ මේ තත්වය පාලනය කල හැකි සුදුසුම ක්‍රියාපිලිවෙල තමන් අනුගමනය කරමින් සිටින බවයි.එලෙසම මේ තත්වය නිසා එරට ආර්ථිකයට සිදුවන බලපෑම් හා රාජ්‍ය සම්බන්ද අනෙකුත් දෑ පාලනය කිරීම සදහා අවශ්‍ය උපදෙස් හා උදව් ලබාදෙන ලෙස එරට රඩය වෙනත් රාජ්‍යන්ට ඇරයුම් කර තිබෙන බවටත් වාර්ථා වෙනවා.

 

අන්තර්ජාලය ඇසුරිණි.