වෙබ් මාධ්‍යවේදීන් එක්නැළිගොඩ ගැන පරීක්ෂණයක් ඉල්ලයි

1
81

dsc_0035aවෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් විසින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ සේවය කරමින් සිටියදී අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තිබේ.

වෘත්තීය වෙබ් මාධ්‍ය වේදින්ගේ සංගමයේ ප්‍රධානීන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා එහි ලේකම් චරිත හේරත් යන මහත්වරුන්ව හමුවූ අවස්ථාවේදී මේ ඉල්ලීම කර ඇත.
අදාල ඉල්ලීම සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කිරීමටද එහිදී අමාත්‍යවරුන් සිය එකඟතාව පලකර ඇත.

එම සාකච්ඡාවේදී ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය දැඩි ආණ්ඩු විරෝධී ස්ථාවරයක් දැරීමට හේතුවූ කාරණා සම්බන්ධයෙන් ද වෘත්තීය වෙබ් මාධ්‍ය වේදීන්ගේ සංගමයේ නියෝජිතයන් අමාත්‍යවරුන්ට කරණු හෙළිකර තිබේ.

 ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වසර 15ක පමණසිට පවත්වාගෙන යන්නක් බවත්, වසර 2011 ජනවාරි 30 වැනිදා එය පවත්වාගෙන ගිය මාලඹේ දහම් මාවතේ පිහිටි කාර්යාලයට ගිනිතැබූ බවත් එහිදී එම අඩවියේ පුස්තකාලය, පරිගණක ඇතුළු සියලුදේ විනාශය වූ බවත් එම සංගමයේ ප්‍රධානීන් එහිදී අනාවරණය කර ඇත.

වසර 2011 මාර්තු මාසයේදි එම අඩවියේ සේවය කළ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය අත්අඩංගුවට ගත් බවත් පසුව, එම වසරේ අප්‍රේල් මාසයේදී දුරකෙථන ඇමතුමක් සම්බන්ධ සිද්ධියකට එහි මාධ්‍ය වේදී බෙනට් රත්නායක අත්ඩංගුවට ගත් බවද එහිදී හෙළිවී ඇත.

පසුව එම වසරේ ඔක්තෝබර් 07 වැනිදා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත ලංකා ඊනිවුස් තහනමට ලක්වූ බවද මේ කාරණා හේතුවෙන් අදාල වෙබ් අඩවිය දැඩි ආණ්ඩු විරෝධී වාර්තා කරණයකට යොමුව ඇතැයිද එම සංගමයේ ප්‍රධානීන් පවසා තිබේ.

From -http://www.sinhala.srilankamirror.com