වෙබ් මාධ්‍ය කලාව වනසන ”හොඳමgossip” පප්පලාගේ පච පුවත් අතේ මාට්ටු වෙයි ?

0
34

මේ රටේ වෙබ් මාධ්‍ය කලාව වනසන කිසිදු වෘත්තිය සදාචාරයක් නැති ගොසිප් කාරයන් රැසක් දැන් බිහිවෙමින් තිබේ.
කිසිදු වගවිභාගයකින් තොරව මුලාශ්‍ර රහිතව අතේ රෝල් පැල කරමින් හිට්ස් වැඩිකරගැනිම සදහා මේ අය සිදුකරනු ලබන ක්‍රියා නිසා අද වෘත්තිය මට්ටමින් වෙබ් අඩවිය පවත්වාගෙන යන කණ්ඩායම්ද අර්බුදයට ගොස් ඇත්තේ වෙබ් ගැන මේ රටේ මතුව ඇති බරපතල චෝදනා නිසාය.
මේ ගොසිප් පප්පලාගේ පච හෙළිවෙන අපුරු පුවතක් අප වෙත ලැබි තිබේ.
”අපේ අය ගිය තැන ඉවරයි”  යන ශීර්ෂ පාඨය යටතේ හොදම ගොසිප් යැයි කියාගන්නා වෙබ් අඩවියක්  සාවද්‍ය තොරතුරක්  පළකර තිබේ.
මෙහිදි යොදාගෙන ඇති පුද්ගලයන් 6 දෙනාගේ ඉහල පේලියේ ඇත්තේ යාපනයේ සිටින අපේ සහොදර මාධ්‍යවේදින් තිදෙනෙකුගේ ඡායාරුපයන්ය.
ඔවුන් අදටත් යාපනය තුල සිට මාධ්‍ය කරණයේ වෘත්තිය මටටමින් නියැලෙන තරුණ ක්‍රියාකාරින් පිරිසකි.
ඒ පිළිවෙලින් විනෝජිත්,ප්‍රදිපන් සහ මයුරන්ය.
තතු එසේව තිබියදි  කිසිදු පදනමකින් තොරව   මෙම මාධ්‍යවේදීන්ගේ  ඡායාරූප පළකිරීම පිටුපස තිබෙන්නේ කෙබදු උවමනාවක් ද?  මෙම මාධ්‍යවේදීන්ගේ  නම මේ  ඈදීමට ” හොඳම ගොසිප්”වෙත ඇති අවශ්‍යතාවය  පිටුපස කාගේ හෝ දේශපාලන කුමන්ත්‍රණයක් තිබිය හැක. මෙම ක්‍රියාව  බංකොලොත් වී සිටින දේශපාලන ප්‍රවාහයකට කඩේ යෑම වෙනුවෙන් සිදුකළ ක්‍රියාවක් වන්නට ද පුලුවන් නමුත්  මෙවැනි සිදුවීම් සයිබ අපරාධ ඝනයට  අයත් අන්තර්ජාල ක්‍රියාකාරමකි. එබැවින්  මෙම මාධ්‍යවේදීන්ගේ කීර්තියට සිදුකර ඇති කැළලට එරෙහිව  ” හොඳම ගොසිප්” වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුය.
මේ ගැන අදහස් දක්වමින් යාපනේ මාධ්‍ය ක්‍රියාකාරින් කියා සිටියේ මේ සිදුවිම ගැන දැනටමත් පොලිස්පතිවරයාද දැනුවක් කර ඇති බවය.
එමෙන්ම අදාල වෙබ් අඩවියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග සදහාද අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරමින් ඇති බවද සැලය.
Screenshot from 2017-08-02 09:43:23Screenshot from 2017-08-02 09:43:42

Save

Save

Save

Save