වෙබ් මාධ්‍ය කලාව වලපල්ලට යවන හිරු ගොසිප් පප්පලා ………

0
57

මාධ්‍ය සදාචාරය වලපල්ලට ඇද දමමින් ප‍්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් මගින් මියගොස් ඇති පිරිමි දරුවෙකුගෙ නිව්ස් එකක් වාර්ථා කර ඇති අන්දමයි මේ.

මේ ළමයා මියගොස් ඇත්තේ බෙල්ලෙ වැල දා ගෙනය. මේ ආකාරයෙන් ජායාරූප පළකිරීම මාධ්‍ය සදාචාරය මරා දැමීමකි. මෙවන් මරණ ස්ත‍්‍රී හා ළමා දූෂන ආදී සමාජයට බලපෑ හැකි ආකාරයේ ජායාරූප පළකිරීම සපුරා තහනම් කළ යුතුය.

මේ ජායාරූප දකින දරුවන් තමන්ගේ ආවේගයන් පාලනය කර ගත නොහැකිව මෙවැනි දේ පූර්වාදර්ශ කරගැනීමේ මනෝබාවයන් ඇති බව මනෝවිද්‍ය සමාජ විද්‍යා ගවේෂනයන්හිදී තොරතුරු අනාවරණය වී ඇත. එහෙයින් මෙවන් දේ පිළිබඳව මාධ්‍ය මේ ආකාරයේ ජායාරූප සහ තොරතුරු වාර්ථා කිරීම වහාම අත්හිට විය යුතුය.

මේවා පිළිබඳ ජනමාධය අමාත්‍යවරු පමණක්ෙ නාව වගකිවයුතු සියල්ලෝම සාවදානව කරුණු විමසා නීති සම්පාදනය කළයුතුය. සේයා විද්්‍යා මෙන්ම තවත් බොහෝ අය මේ පාඩම මීට කළින් කියාදෙනු ලැබුවද මේ පිළිබඳ වගකිවයුතු කිසිවකු අවදානය යොමුකොට නැත්තේ මාධ්‍ය බලය නීතියටත් වඩා උඩින් ඇති නිසාදැයි නොදනිමි.


(උපුටා ගැනිම- මනෝහාරි කාරියවසම් සහෝදරියගේ මුහුණු පොතෙනි )