වෙරළ අයිති පල්ලියටද ? වාසිය තකා ඇමති ලංසා බොරු කියයි.

0
100

1මීගමුවේ වැල්ල යනු එදා දහස් ගණන් ජනයා නිදහසේ පැමිණ සිය විවේකය ගත කළ ස්ථානයයි.
එදා ඒ වැල්ලට පල්ලිය අයිතිවාසිකම් කිවේ නැත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ථෙතිහාසික නඩු තින්දුවක් පවා ඇත.
වෙරළ යනු රාජ්‍ය දේපලකි.
එහෙත් මේ මීගමු වැල්ල ඇමති ලංසා විසින් සිය අනාගත දේශපාලනය වෙනුවෙන් වැල්ලවිදියේ එකාබද්ධ ධිවර සංවිධානය වෙත පළමුව පැවරු අතර පසුව එය වැල්ලිවිදියේ පාලනයට කිසිදු නිතිමය පදනමකින් තොරව පවරා දෙනු ලබයි.
එහෙත් ඇමති ලංසා සිය ලංකාදිප සාකච්ජාවේදි පවසන්නේ වැල්ල පල්ලියට අයිති බවය.
එසේ නම් අපට අසන්නට ඇත්තේ සරල පැනයකි.
ආණ්ඩුව හෝ පළාත් පාලන ආයතනයක් කාගේ හෝ පුද්ගලික ඉඩමක පොදු ව්‍යපෘති ක්‍රියාත්මක කරයිද යන්නයි.එය රාජ්‍ය මුදල් රෙගුලාසිවලට මුළුමනින්ම පටහැනිය.
TRIP නැමැති ව්‍යාපෘතිය යටතේ ලක්ෂ 400 ක් වියදමින් ඉදිකෙරුන මීගමුව මාළු වෙළද පොල අයිති පල්ලියටද?
එසේ නම් එහි ප්‍රගතිය ගැන අදාල රාජකාරිමය විමසිම් මීගමුව මහනගර සභාවෙන් කරුණු ලබන්නේ ඇයි ?
ඒ ව්‍යාපෘතිය ගැන මීගමුව නගර සභාව පිළිතුරු ලිපි යන්නේ ඇයි?
තමන්ගේ තාත්තාගේ බඩගෝස්තරය වෙනුවෙන් මේ රාජකිය පච කියන්නේ ඇයිදැයි අප ඇමති ලංසාගෙන් විමසමු.

වෙරළ පල්ලියට අයිති නැත.මේ ලියවිල්ල ප්‍රබලතම සාක්ෂියයි.
වෙරළ පල්ලියට අයිති නැත.මේ ලියවිල්ල ප්‍රබලතම සාක්ෂියයි.