වෙසක් දන්සැල් වලට වඩා පොසොන් දන්සැල් වඩාත් පිරිසිඳුව හා සෞඛ්‍යාරක්ෂිතව පවත්වනවා- මහජන සෞඛ්‍ය පරීක්ෂක ගුණරත්න මහතා.කියයි 

0
290

 

එළඹුණු වෙසක් පොහොය නිමිත්තෙන් මීගමුව නගරයේ සහ නගරයට තදාසන්නව ,වෙසක් පොහොය යෙදුණු පසුගිය මැයි 23 වෙනිදා සහ ඊට පසුදින එනම් 24 වෙනදා යන දෙදින තුළ වෙසක් දන්සැල් 100 ක පමණ ප්‍රමාණයක් සංවිධානය කර තිබිණි. එම දන්සැල් ලැයිස්තුව වෙසක් පෝයට පෙර දින අප” මීපුර ” ප්‍රවෘත්ති වෙබ් අඩවිය තුලින්ද පල කර තිබිණි. දන්සැල් වල පිරිසිදුකම සහ සෞඛ්‍යාරක්ෂිත බව ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ වසරේද වෙනත් වසරවල මෙන් මහජන සෞඛ්‍ය බලධාරීන් මඟින් එනම් මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශයෙන් අනුමැතිය ලබාගත යුතුව තිබිණි. එමෙන්ම මෙවර එම දන්සැල් සංවිධානය කළ සියලු සංවිධායකයන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් විසින් නගර සභාවට කැඳවා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහක් පවත්වන්නටද කටයුතු කර තිබිණි. එහිදී එම දැනුවත් කිරීමේ වැඩසටහන් වලට සහභාගි වූ සියලුම දන්සැල් සංවිධායකවරුන්ට සහතිකපත්‍රයක් පිරිනමන්නටද මීගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශය විසින් කටයුතු සංවිධානය කර තිබිණ. එමෙන්ම එලෙස දන්සැල් සංවිධායකවරුන්ට ලබා දුන් සහතිකපත්‍ර ලැබිනේටින් කර එම දන්සැල් පැවැත්වෙන ස්ථානයේ සියලු දෙනාට දැක ගත හැකි වන සේ ප්‍රදර්ශනය කිරීමද මෙවර අනිවාර්ය වී තිබුණි.
එලෙසම දන්සැල් පැවැත්වෙන වේලාවන්වලදීත් වරින් වර එම දන්සැල් වලින් ලබා දෙන ආහාර පාන පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් විසින් නිරන්තරයෙන් නිරීක්ෂණය කළ ආකාරයද දැක ගත හැකි විය. එමෙන්ම එහිදී එම ආහාරපාන ලබා දෙන පිඟන් කෝප්ප ආදියද, ඒ වගේම ආහාර පාන සකස් කරන ආකාරයද , එලෙසම ආහාර පාන සකස් කිරීමට ගන්නා අමුද්‍රව්‍යයන් පිළිබඳවද ,පිසින ලද ආහාරපාන තබා ඇති ස්ථාන පිළිබඳවද විශේෂයෙන්ම දන්සැල් වල පානීය ජල අවශ්‍යතා පිළිබඳවද මෙවර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරන්තර අවධානයට සහ නිරීක්ෂණයට ලක් වනු දැකගත හැකි විය.
මේ ආකාරයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරික්ෂණයට සහ අවධානයට ලක් වෙමින් මීගමුව නගරයේ සහ නගරය ආශ්‍රිත පැවැත්වූ දන්සැල් ඇත්තෙන්ම පිරිසිදුව සහ සෞඛ්‍ය ආරක්ෂිතව පැවතියේද ? අප මේ පිළිබඳව විමසා සිටියේ මීගමුව මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී ගුණරත්න මහතාගෙනි.එහිදී ඔහු ප්‍රකාශ කළේ මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් මීගමුවේ පැවති දන්සැල් සියල්ලක්ම පාහේ පිරිසිදුකම හා සෞඛ්‍ය ආරක්ෂිතභාවය උපරිමයෙන්ම තිබූ බවයි. එලෙසම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවර වෙසක් දන්සැල් පවත්වන සංවිධායකවරුන්ට තම අංශයෙන් එනම් මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශය මගින් ලබා දුන් නිර්ණායක සහ නීති රීති වලට අනුකූලව ම බහුතරයක් දන්සැල් සංවිධායකවරුන් දන්සැල් සංවිධානය කිරීමට ක්‍රියාකළ බවයි.
ඒ අනුව දන්සල් දෙක තුනක පමනක් ඇරෙන්නට එම නීති රීති සහ නිර්ණායක වලට අනුකූලවම දන්සැල් සංවිධානය කර තිබීම මෙවර දක්නට ලැබුණු විශේෂිත කරුනක් බවද සඳහන් කළ හැකිය. මහජන සෞඛ්‍ය පරීක්ෂක ගුණරත්න මහතා ප්‍රකාශ කරන පරිදි එක් බත් දන්සැලක , පිසින ලද බත් තබා තිබූ ස්ථානය පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වූ අතර ඒ පිළිබඳව එම බත් දන්සැලේ සංවිධායකවරුන්ව දැනුවත් කළ අතර පසුව ඔවුන් විසින් එම ස්ථානය නිසි ලෙස සකස් කරන්නට කටයුතු කර තිබිණි. එලෙසම ගුණරත්න මහතා පවසන්නේ වෙසක් පොහොය දිනවල මීගමුව ප්‍රදේශයට ඇතිවූ අධික වර්ෂාපතනය නිසා දන්සැල් කටයුතු පිරිසිදුව සහ සෞඛ්‍යාරක්ෂිත මට්ටමින් සංවිධානය කර ගෙනයාමේදී විවිධ ගැටළු සහ අසිරුතාවලට මුහුණපෑමට සිදු වී තිබුන බවයි. එහෙත් කෙතරම් ගැටලු සහ අසීරුතා පැවතියත් සෞඛ්‍ය අංශ මගින් දුන් ලබාදුන් නිර්ණායක සහ නීති රීතිවලට අනුව එම දන්සල් සංවිධානය කරන්නට , එම සංවිධායකවරුන් කටයුතු කර තිබිණි.
එහෙයින් මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් පැවති දන්සැල් පූරාදර්ශයට ගෙන එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වන සියලු දන්සැල් ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීමෙන් සහ එම අංශය මගින් ලබාදෙන නීති රීති සහ නිර්ණායක යටතේ පැවැත්වීමට කටයුතු කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක ගුණරත්න මහතා පවසයි. ගෙවුණු වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත් වු දන්සැල් වලට පැනවු නීති රීති තවත් දැඩි කරන බවත්, ඒ නිසා මීගමුව නගරයේ සහ නගරයට ආශ්‍රිතව එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වීමට සංවිධානය කරන පොසොන් දන්සල් වඩාත් පිරිසිදු හා වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන්නට කටයුතු කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී ගුණරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.