වෙළද කලාපේ අමානුෂික පාලකයෙක් ගැන සත්‍ය කථාවක් !

0
214

කටුනායක නිදහස් වෙළඳ කලාපයන් අද ඇසුනු මේ කතාව නම් අදහන්නත් බැරි තරම්. covid වලින් මිනිසුන් බේරා ගත යුතු සහ ආරක්ෂා කරගත යුතුම අවස්ථාවක කටුනායක නිදහස් වෙළඳ කලාපයේ එක්තරා ආයතනයක් covid වැළඳුණු තම සේවිකාවට කරන ලද නින්දිත ක්‍රියා කලාපයක් පිළිබඳව විස්තරයකුයි මේ.

එම ආයතනයෙහි ස්ථිර සේවයේ යෙදෙන මෙම සේවිකාවට covid 19 වෛරසය ආසාදනය වී ඇති බව දැනගන්නට ලැබුණු අද උදෑසන ආයතන පාලනාධිකාරිය සේවිකාවට පවසා ඇත්තේ වහාම තම නිවෙස වෙත යන ලෙසයි.

ඔවුන්ගේ අණට ද අකීකරු වන්නට නොහැකි වූ බැවින් ආයතනයෙන් පිටවුනු මෙම ආසාදිත සේවිකාව කිසියම් පුද්ගලික ප්‍රවාහන සේවයක් භාවිත කර නිවසට පැමිණ නිරෝධායනය ආරම්භ කර ඇත.

සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඉතාමත් සුභදායි ලෙස මැදිහත් වන බවට පුරසාරම් දොඩන කළාපයේ තවත් ආයතනයක් අද කරන ලද නින්දිත ක්‍රියාවකි මේ.

මෙවැනි අසික්කිත ක්‍රියාවන් නිසා,

නිරෝධායන ඇදිරි නිතීය තුල ඇය කොතරම් නම් පීඩාවකට පවත්වන්නට ඇත්ද?

සෞඛ්‍ය බලධාරියකුගේ හෝ ආයතනයේ පිහිටක් නොමැතිව ඇය කොතරම් අසරණ වන්නට ඇත්ද?

ආසාදිත ඇය එකවරම පවුලේ ද ඤාතීන් අතරට යැවීම මත ඇය පත්වන තත්ත්වය,

ඇගෙන් තව කී දෙනෙකුට බෝවන්නේ ඇත්ද?

ආසන්න ආසාධිතයින්ට කුමක් කලාද?

රටට ඩොලර් ගෙන එන සහ මේ වසංගත අවස්ථාවේ මරණය අභියස නොසැලෙමින් සේවයෙහි යෙදෙන මෙම සේවිකාවන් වෙත පාලක පංතියේ අවධානය මීට වඩා මනුෂ්‍යත්වයේ නාමයෙන් හෝ යොමුවිය යුතුය.

එසේ නැතහොත් පාලකයිනි ඔබේ අරමුණ ආයතන තුල ඇගැලුම් ගොඩ ගසන්නාක් මෙන් නිදහස් වෙළද කලාප පරිසරයෙහි මිනී කදු ගොඩ ගැසෙනවා දකින්නට ඇති දොලදුක සංසිදුවා ගන්නවද?
(චන්ද්‍රා දේවනාරයනගේ ෆේස් බුක් පිටුවෙනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here