වෙළඳ කලාපීය කම්කරු අයිතීන් පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක් වේ. …

0
110


නිදහස් වෙළඳ කලාපීය කම්කරු අයිතීන් සහ ඉල්ලීම් පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ඊයේ එනම් 2024/09/05 වැනි බ්‍රහසිපතින්දා දින සීදු⁣ව ප්‍රදේශයේ හෝටලයකදී සිදුවිය. නිදහස් වෙළද කලාපීය සහයෝගිතා එකමුතුව විසින් මෙය සංවිධානය කර තිබිණි.
                 මෙරට ස්ථාපිත නිදහස් වෙළඳ කලාපයන් හී සේවයේ නියුතු කම්කරු සේවක සේවිකාවන්ගේ ගැටලු හා ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සකස් කළ ලිඛිත ප්‍රතිපත්ති ප්‍රකාශය මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ නියෝජිතවරියන්ට පිළිගැන්වීම මෙහිදී සිදුවිය. ඒ අනුව සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි  බියගම ආසනයේ ප්‍රධාන සංවිධායිකාව වන  හිටපු පළාත් සභා මන්ත්‍රීනී නිරෝෂා අතුකෝරාල මහත්මියද, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් නීතිඥ කෞශල්‍යා ආරියරත්න මහත්මියද එලෙසම ජන අරගල සංවිධානය නියෝජනය කරමින් නීතිඥ ස්වාස්තිකා අරුලිංගම් මහත්මියද මෙම කම්කරු ගැටළු සහ අයිතිවාසිකම් පිළිබඳ වූ ප්‍රතිපත්ති ප්‍රකාශය භාර ගත්හ.
              එමෙන්ම මෙම අවස්ථාවට සහභාගි වූ මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ නියෝජිතවරියන් විසින් රැස්ව සිටි පිරිස අමතා අදහස් දැක්වීමක්ද සිදුකළහ. මෙම අවස්ථාවට කටුනායක,බියගම, වතුපිටිවල, කොග්ගල සහ වවුනියාව ඇතුළු නිදහස් වෙළඳ කලාප තුළ සේවය කරන සේවක සේවිකාවන් පිරිසක්ද සහභාගි වී සිටියහ.