වේගය පාලනය කරගත නොහැකිවූ මෝටර් රථය වෙළදසැලත් කඩාගෙන යයි – හතරදෙනෙක් රෝහලේ

0
83

108 අද (28) සවස 2.00ට පමණ කොච්චිකඩේ ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ යතුරු පැදි දෙකක් ගැටීමෙන් ඒම රථ වල ගමන් ගත් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල සිදුවී ඇති අතර ඔවුන්ව මේ වනවිට මීගමුව රෝහලට ඇතුළත් කර තිඛේ. සිද්ධිය සිදුවී තිඛෙන්නේ කොච්චිකඩේ කොමර්ෂල් බැංකුව අසලදී වන අතර  පාලනය කරගත නොහැකි වූ මෝටර් රථය   ඒ අසල තිබූ වෙළදසැලත්  කඩාගෙන ගොස් තිඛේ. මෝටර් රථයේ ගමන්කර ඇත්තේ එකම පවුලේ පියා සහ දියණියයි. වාර්තා වන අන්දමට මොවුන් අතර ඇතිවූ පුද්ගලික ප්‍රශ්නයක් මත මෝටර්  රථය කිසියම් පුද්ගලයෙකු  පසුපස හඹාගොස් ඇත. මෙහිදී ඇතිවූ අධික වේගය පාලනය කරගැනිමට නොහැකිව මෙම අනතුර සිදුව තිඛේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලීසිය විසින් වැඩිදුරටත් පරීක්ෂන මෙහෙයවනු ලබයි.


 ඡායාරූප – සෙල්වා