මිගමුව කුලියාපිටිය මාර්ගයේ දංකොටුව නගරය ආසන්නයේදි අද 22 සවස 4 ට පමණ සුඛෝපභෝගි ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නවතා තිබු ත්රිරෝද රථයක ගැටි සිදු වු අනතුරෙන් 5 දෙනෙක් තුවාල ලබා ඇති බව දංකොටුව පොලිසිය පවසයි මෙලෙස අනතුරට ලක් වි ඇත්තේ කොස්වත්ත ප්රදේශයේ පදිංචි කරුවන් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් හා මාර්ගය අසල නවතා තිබු ත්රිරෝද රථයකි ජීප් රථයේ ගමන් ගත් පුද්ගලයන් 5 දෙනෙක් තුවාල ලබා දංකොටුව රෝහලට ඇතුලත් කල බවත් ත්රිරෝද රථ රියදුරා එම රථයේ නොසිටිම නිසා සිදුවීමට තිබු ඛේදවාචකයක් වැලකි ඇති බව පොලිසිය පැවසීය ජිප් රථයේ ගමන්ගත් පිරිස කොළඹ ප්රදේශයේ තිබු මංගල සාදයකට සහභාගි වි කොස්වත්ත ප්රදේශයට ගමන් කරමින් සිටි එකක් බව පොලිසිය පවසයි ජීප් රථයේ අධික වේගය හා නොසැලකිල්ල නිසා මෙම අනතුර සිදු වි ඇති බවත් ඔවුන් මත්පැන පානය කර සිටියේද යන්න පරික්ෂා කරන බව පොලිස් රථ වාහන අංශය කීය මෙම අනතුරින් ජීප් රථයට හා ත්රිරෝද රථයට දැඩි අලහාභානි සිදු වි තුබුණි දංකොටුව මූලස්ථාන පොලිස් පරික්ෂක ප්රදිප් කුමාර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ නිළධාරින් වැඩි දුර පරික්ෂණ සිදු කරයි
චන්දන ප්රනාන්දු