වේබ් වාරණයට එරෙහි විරෝධය එජාපය පාර්ලිමේන්තුවට ගෙනඑයි

0
70

ශ්‍රී ලංකාවේ පුවත් වෙබ් අඩවි වාරණය කිරීම සම්බන්ධයෙන් ජුනි (06) පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ පැවැති විවාදයේදී වෙබ් අඩවි වාරණය කළේ කවුද යන්න ගැන ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් විපක්ෂය කළ ප්‍රශ්න කිරීමට ඔහු නිශ්චිත පිළිතුරක් දුන්නෙ නෑත. වෙබ් අඩවි වරණය නීති විරෝධීනම් නීතිය හමුවටම ගොස් ඒ විසඳා ගන්නා ලෙස ඔහු පිළිතුරු දුන්නේය.

එමෙන්ම යෝජනාව ඉදිරිපත් කළ එජාප මහ ලේකම් වරයාට පිළිතුරු දුන් ඒ ඒච් එම් අස්වර් මන්ත්‍රීවරයා වෙබ් අඩවි වාරණය ගැන හැරෙන්නට අන් සෑම දේම ගැන කියවන්නට විය. ඔහුගේ කතා ගෝරනාඩුවක් බවට පත්වූ අතර පැවෑසූ බොහෝ දෑ මාධ්‍යයේ සඳහන් කිරීමටද නොහැකිය.
පසුව කෙහෙළිය රඹුල්වැල්ල ඇමැතිවරයාද එකතුවූ අතර ඔහු වෙබ් අඩවි වල පළ වූ පුවත් සිරස්තල උපුටා දක්වමින් ඒවා අසීලාචාර බවත් ශිෂ්ඨාචාරයක් නැති බවත් පවසමින් වෙබ් අඩවි තහනම සධාරණීය කරණය කළ නමුත් මේ තහනම ක්‍රියාත්මක කළේ කවුද යන්න නොපැවැසීමට පරිස්සම් විය. කෙසේ නමුත් ඔහු වෙබ් වල භාෂාව අසීලාචාර යැයි පැවැසූවද මෙම විවාද අවස්ථාවේදි හුවමරු වූ ඇතැම් දෑ මඩ වෙබ් අඩවියැයි චෝදනාවට ලක්වන වෙබ් අඩවියක වූවද පළ කිරීමට අපහසු තරම් අසීලාචාර දේය.
මෙම විවාදය සඳහා විපක්ෂය වෙනුවෙන් තිස්ස අත්තනායක, මංගල සමරවීර හා අජිත් පෙරේරා යන මන්ත්‍රීවරු ද අණ්ඩු පක්ෂය වෙනුවෙන් ඇමැති රඹුක්වැල්ල මහතාද ඒ ඒච් එම් අශ්වර් මහතාද සහභාගි විය.
ද ඉන්ඩිපෙන්ඩන්ට් ඇසුරිනි.