වෛද්‍ය අර්චුනා ජෝකර් කෙනෙක්ද ?

0
354

යාපනය දිස්ත්‍රික්කයෙ ස්වාධින කණ්ඩායමකින් තරග වැදුන වෛද්‍ය අර්ජුනා රාමනාදන් කියල කියන්නේ හරියට දෙමළ චිත්‍රපටි  කථාවක ප්‍රධාන චරිතයක් වගේ.  ඇත්තටම මනුස්සයා පොරක් .මිනිස්සු වෙනුවෙන් පෙනි හිටපු දොස්තර මහත්තයෙක් . දොස්තර මාෆියාව ගැන කර්කශ විවේචනයක් ඉදිරිපත් කරපු ඩොකෙක්.

මේ හින්දම උතුරේ දොස්තරලට මළ පැනල අර්ජුනාට  විරුද්ධව යුද්ධෙ ප්‍රකාශ කරනව. එක් දින වැඩ වර්ජනයකුත් කරනව . හැබැයි මරු . උතුරේ මිනිස්සු හිටියේ අර්ජුනා එක්ක.

ඒ විතරක් නෙමේ මනුස්සයා තමන්ගේ සටන වෙනුවෙන් සමාජ මාධ්‍ය උපරිමයෙන් යොදාගත්තු ක්‍රියාකාරිකයෙක්.කවද හරි දවසක ඉන්දියාවේ මෙයා ගැන චිත්‍රපටියක් හැදෙයිද දන්නෙත් නැ.

මේ අවුරුද්දේ ජුලි මාසේ උතුරෙ මාධ්‍ය වල සුපිරි තරුව බවට පත්වෙලා හිටියේ මෙයා ..

චාවකච්චේරි රෝහලට පත්වෙලා ආපු වැඩබලන රෝහල් අධ්‍යක්ෂ වරයා හැටියට. රෝහල්වල වෛද්‍ය වරුන් ගේ මාෆියා වැඩ ගැන එයා තද විවේචනයන් කලා

මේකට උරණ වුන වෛද්‍යවුරු මෙයා ට විරුද්ධ යුද්දය ප්‍රකාශ කලා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් වෛද්‍ය අර්ජුනාට එරෙහිව ගේමට බැස්සා.

එක සැරයක් අර්ජුනාව අත්අඩංගුවට ගන්න පොලිසියය ලැස්ති වෙද්දි ඒකට ඉඩ දෙන්නේ නැතිව මිනිස් පවුරක් හැදුනා. ඒ විතරක් නමේ චාවකච්ෙච්රි වල හර්තාලයකුත් ක්‍රියාත්මක වුනා .

ඒ වාගේ ජනතාවගේ වෛද්‍යවරයෙක් හැටියට පදනමක් දාගත්තු නිසා තමයි යාපනය දිස්ත්‍රික්කෙන් ස්වාධින කණ්ඩායමක් දාල එයා දිනල පාර්ලිමේන්තු එන්නේ

මෙයාගේ අරගලය ගැන දකුණේ අය හුගදෙනක් දන්නේ නැ.. මොකද ලංකාව කියන්නේ දකුණ කියල විතරක් හිතන මාධ්‍යකාරයෝයි මාධ්‍ය ආයතනයි හින්ද , කොහොම හරි වැඩේ පත්තු වෙන්නේ පාර්ලිමේන්තුවේ පළවෙනි දවසේ මේ ස්වාධින මන්ත්‍රිවරයා විපක්ෂ නායකගේ පුටුවේ වාඩිවුන හින්ද ?

උතුරේ වෙන දේවල් පෙන්වන්නේ නැති දකුනෙ මාධ්‍ය මේක දෙබස් ටිකක නම් වෙලාව අරන් පෙන්නුව ඉතින් .

මොකක්ද මේ මන්ත්‍රිවරයා කරපු වැරැද්ද? එදා දවසේ ඕන තැනක වාඩි වෙන්න පුලුවන් කියල පාර්ලිමේන්තු සම්ප්‍රදායක වෙච්චි කොට අර ආරචිල වගේ කෝට් ඇදන් හිටපු පාර්ලිමේන්තුවේ අයට එයාලාගේ සම්ප්‍රදායේ එහෙම එකක් තියෙනව කියල අමතක වෙනවා.අර්ජුුනා තමයි කෙලින් කිව්වේ.මේ තව පුටු තියෙන්නේ එයාට ඉඳගන්න කියන්න කියල.ඒ ටෝක් එකනම් සුපිරි ඇ.

මන්ත්‍රි කෙනෙක් වෙලා පලවෙනි වතාවට පාර්ලිමේන්තු ආපු උතුරේ ස්වාධින මන්ත්‍රිවරයා බය නැතුව චැලෙන්ජ් කරනව . කාටද සිස්ටම් එකට.

දැන් මේ අලකලංචිය හින්ද අර්ජුන රාමනාදන් ගැන හරියට කියවලවත් නැති දකුණේ තොත්ත බබාල ගොඩ දෙනෙක් හිතලු කොටනව එයාව බයිට් කරන්න .අපි කියන්නේ එයාලට dr.archuna ramanathan කියල google search කරල බලන්න.නිකන් දකුණ අන්දවන්න ගොන් කතා බුකියේ කොටන්නේ නැතුව.එහෙම කොටන අයට වඩා අර්ජුනා පොරක් කියල හිතුනම ලැජ්ජත් හිතෙයි.

හම්බකරන් කන්න මාධ්‍ය භාවිතා කරන යුටියුබ්කාරයෝ අර්ජුන්ගෙන් ගොඩයන්න දඟලන හැටි පේනව ඒ විතරක් නෙමේ මේ දවස්වල ජනප්‍රිය වෙන්න කියල හිතන් කුණුහරුප කියන නිතිඥයොත් යුටියුබ් වල බෙරිහන් දෙන්න පටන් අරන් .ලාහෙට නෙමෙයි ලෙසටම ජනප්‍රිය වෙන හැටි අර්ජුන් ගැන කියවලම දැනගන්න කියල අපි එයාලට කියනව.

හැබැයි මරු. ජනාධිපතිවරයා ජාතිවාදයට අගම්වාදයට ඉඩක් නැ කියල කටේ කෙළ හිදෙන්නටත් කලින් ෆේස් බුක් පිටු අස්සේ ජාතිවාදය නලියන හැටි දැක්ක .

ඒව ලියපු සම හරක් මාලිමාවේ කියලත් දාල තිබුන.කැතැයි හොඳේ.

දැන් පාර්ලිමේන්තුවේ ජනබලවේගයෙන් ඉන්න වැඩිහරියක් දොස්තර මැති ඇමැත්තොත් අිර්ජුනට අකමැති ඇති ෂුවර් එකටම .

උතුරේ නැගෙනහිර මොකද වෙන්නේ කියන දකුණෙන් මිනිස්සුන්ට ඇත්ත දැනගන්න ප්‍රවෘත්ති පළනොකරන මාද්‍ය නිසා දකුණේ මිනිස්සු හිතන්නේ වෛද්‍ය අර්ජුන් කියන්නේ ජෝකර් කෙනෙක් කියල.
පව්
සමහර යු ටියුබ්කාරයෝ කාරියෝ මෙයාට සොම්බියා කියලත් කිව්වලු.

2024 ජුලි මාසේ තිරණාත්මක තත්වයක් ඇති වෙච්ච දවස් ගැන Ceylon today ලිපියක මෙන්න මෙහෙම තමයි අර්ජුනගේ අරගල ගැන වාර්තා කරල තිබුණෙ( මේ පළකරල තියෙන්නේ එ ලිපියේ කොටසක දළ පරිවර්ථනයක් )

චාවකච්චේරි මූලික රෝහලේ වැඩබලන වෛද්ය අධිකාරී (MS) වෛද්ය අර්ච්චුන රාමනාදන් පසුගිය සතියේ දින 6ක පමණ කාලයක් රෝහල තුළ සිදු වූ නොසැලකිලිමත්කම සහ දූෂණ පිළිබඳව සමාජ මාධ්ය ඔස්සේ හෙළිදරව් කිරීමත් සමඟ ප්රධාන චරිතයක් බවට පත්ව ඇත. ෆේස්බුක් හි ඔහුගේ සජීවී ප්රවාහය සංවේදී වී ඇති අතර, ඔහුගේ මීළඟ උඩුගත කිරීම සඳහා මිනිසුන් උනන්දුවෙන් බලා සිටිති.
ඔහුට සහාය දැක්වීමට, ඔහුව රෝහලෙන් මාරු කිරීම වැළැක්වීමට සහ උතුරු පළාතේ වෛද්ය ක්ෂේත්රයේ දූෂණය අවසන් කිරීමට සමාජ මාධ්ය විසින් YouTubers සහ TikTokers ඇතුළු මුළු ගමක්ම පෙළ ගැසූ පළමු අවස්ථාව මෙයයි.
වෛද්ය රාමනාදන් පැහැදිලි කළේ තමන් වැනි වෛද්යවරුන්ට විරුද්ධ නොවන නමුත් අක්රමිකතා, නොසැලකිලිමත්කම සහ දූෂණ හෙළිදරව් කිරීමට තමන් පෙළඹෙන බවයි. දැවැන්ත වෛද්ය මාෆියාවක් ක්රියාත්මක වන බව ඔහු ප්රකාශ කර ඇත. සෞඛ්ය අමාත්යාංශයේ පත්වීම් ලිපිය සමඟ මෑතකදී සම්බන්ධ වූ වෛද්ය රාමනාදන්, වෛද්යවරුන් 25 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් අධීක්ෂණය කරමින්, භයානක විෂමතා අනාවරණය කළේය.
ඔහුගේ ප්රසිද්ධ හෙළිදරව් කිරීම් ප්රාදේශීය ප්රජාවෙන් පුලුල් සහයෝගයක් ඇති කළ අතර, දූෂිත නිලධාරීන්ට මුහුණ දීමට සහ අභියෝග කිරීමට ඔහු පිටුපසින් පෙළ ගැසුණි. වෛද්ය රාමනාදන්ගේ නිර්භීත ක්රියා කලාපය ඔහුව උතුරු පළාතේ දෙමළ ජනතාව අතර වීරයෙකු බවට පත් කර ඇත. ඔහු ශ්රී ලංකාවේ රෝහලේ පද්ධති වෙනසක් ගෙන ඒමේ ප්රධාන චරිතයක් බවට පත්ව ඇත.

අර්ජුනට එරෙහිව මේ දිග ඇරෙන්නේ සජිත්ගේ පුටු කථාව නෙමේ . යාපනය මාලිමාව දින්නම යුද්දෙ දිනුවට වඩා යාපනේ ජනයාගේ හදවත් දිනපු එක වැදගත් කියල කවි ගායන ලියපු දකුණේ බහුතරයක් දෙනාගේ ඇතුලේ ඉන්න ඇත්ත සතාගේ හැසිරිම .මේක තමයි තිත්ත ඇත්ත මේ වගේ අයට දැන් අර්ජුනා කියන්නේ අනෙකා.සජබයි,මාලිමාවෙයි පොහොට්ටුවෙයි ඉන්න බයියෝ ,ටොයියෝ දැන් කරේ අතදාගෙන ඉන්නේ ෆේස්බුක් එකේ.

මේ පටන් ගත්තා විතරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here