වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මාධ්‍යකාරයන්ගේ ලග නැමිල්ල සහ මිගමුව රෝහල..

0
213

මිගමුව රෝහල යළිත් පුවත් මවන තැනක් බවට පත්ව තිබේ..එයට හේතුව වි තිබුනේ දියවැඩියෝ රෝගයෙන් පෙළුන රෝගියෙකු ඊයේ අලුයම මිගමුව රෝහලට ගෙන ගොස් තිබියදි මතුව තිබුන තත්වයයි.
මුලික ප්‍රතිකාර ඒකකය තුලදි යම් පමාවකින් පසුව රෝගියා පරික්ෂා කළ වෛද්‍යවරයාගේ නිගමනය වි තිබුනේ රෝගියා මිය ගොස් ඇති බවය.
ඒ අනුව මෘත ශරිරාගාරයට යැවිමටත් ආදල අනෙකුත් කටයුතු සදහාත් පවුලේ අයව වෛද්‍යවරයා විසින් රෝහල් පොලිසිය වෙත යොමුකර තිබේ.
රෝගියාගේ බිරිද සිය සැමියා මිය ගොස් ඇතැයි වෛද්‍යවරයා නිගමනය කර ඇති බව දැනගන්නේ රෝහල් පොලිසියෙනි.
එයද සැබැවින්ම අරුමයකි.

රෝගියාගේ බිරිඳ ..


රෝහල් පොලිසියේ දැනුම් දිමෙන් පසුව ඇඩු කදුලින් යළිත් මුලික ප්‍රතිකාර ඒකකය වෙත දිව ආ රෝගියාගේ බිරිද ඒ වන විටත් පොලිතින් එකකින් වසා දමා තිබුන සිය සැමියා මුණ අතගාමින් අඬා වැටෙන්නවිය . එහිදි ඇයට දැක ගත හැකි වුයේ සිය සැමියාට තවමත් පණ ඇති බවය.
වෛද්‍යවරුන්ට වහා මේ ගැන දැනුම් දිමත් සමගින් කඩිනමින් ප්‍රතිකාර ලැබුනි.රුධිරයේ සීනි මට්ටම බරපතල ලෙසින් අඩුවිම තිබිම හේතුකොට ගෙන ඒ සදහා ප්‍රතිකාර කඩිනමින් ලැබුන විගස විනාඩි කිපයක් තුල පියවි සිහිය ලැබුන පසු 4 වෙනි වාට්ටුවට නේවාසික ප්‍රතිකාර සදහා යොමුකර තිබුණි.
45 වියැති ඇලෙක්සැන්ඩර් සිල්වා තිදරු පියෙකි

ඇලෙක්සැන්ඩර් සිල්වා


මේ ඇත්ත සිදුවිම විකෘතියක් බවට පත්කරමින් ඇතැම් ජාතික මාධ්‍ය හිරිකිත වාර්තාකරණයක නියැලි සිටියේය.
ලංකාදිප විසින් ආරම්භ කරන ලද මේ විකෘති වාර්තාකිරිම ස්වර්ණවාහිනි වෙබ් අඩවිය තුල වාර්තා කර තිබුන ආකාරය සැබැවින්ම පිළිකුල් සහගතය.
මාධ්‍යකරණයේ අ යනු ආයනු නොදන්නා උන් ලෙසින් සකසා තිබුන ශිර්ෂ පාඨය අමුලික බොරුවකි.
එවන් අමුලික බොරු ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනවලට කළහැකිද? නැතිනම් ඉන් කියැවෙන්නේ ඒ මාධ්‍ය පවා දැන් ගොසිප් පප්පලාගේ තත්වයට වැටි ඇති බවද ? වගකිව යුතු මාධ්‍ය ආයතනයකට මිනිය මෝචරියේදි අතඔසවයි යනුවෙන් ලිවිය හැකිද ?මේ කරුණුම වැරැද්ද සිදුකර තිබුනේ ප්‍රවෘත්තිය යැවු ප්‍රාදේශිය මාධ්‍යවේදියාද නැති නම් ස්වර්ණවාහිනි ආයතනයේ ප්‍රවෘත්ති කර්තෘ මණ්ඩලයද ?
වෛද්‍ය නොසැලකිල්ලට නොදෙවෙනි ලෙස ලග නැමු මේ ඇතැම් මාධ්‍යකරුවෝ හැසිරිම සැබැවින්ම පිළිකුල් සහගතය
වෛද්‍යවරුන් සිය මරාන්තික නොසැලකිල්ල නැවත නැවතත් සිදුනොවිමට ඉඩ නොදෙන වැඩපිළිවෙලක් සකසා ගත යුතුව සේම ලග නමන මාධ්‍යකරුවන්ද ආචාරධාර්මික මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් සිය මාධ්‍ය මෙහෙවර ක්‍රියාත්මක කිරිමේ වගකිම ගැන යළි යළිත් සිහිතබා ගත යුතුව තිබේ


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here