වෛද්‍යවරුන්ගේ රථගාල නිසා ගැලවුන රෝහලේ “හට්”..???

0
60

NGB hospitalපසුගිය කොරෝනා සමය තුල මීගමු රෝහල තුල ක්‍රියාත්මකව පැවැති විධිමත් වැඩපිළිවෙළවල් සියල්ල මේ වනවිට අවුල් සහගත තත්වයකට පත්ව ඇත.එවකට හිටපු අධ්‍යක්ෂවරිය හා රෝහල් කාර්ය මණ්ඩලය එක්ව වඩාත් සාමුහිකව රෝගින් වෙනුවෙන් ඒ අයගේ පහසුව වෙනුවෙන් වැඩපිලිවෙලවල් කිපයක්ම සකස් කර තිබුණි.රෝහලට පැමිණෙන රෝගින්ට සිය ප්‍රතිකාර සදහා යොමුවන තුරු රැදි සිටිමට කුඩාරම් කිපයක්ද රෝහල් භූමිය තුල පසුගිය කොරෝනා රැල්ල සමයේදි ඉදිකර තිබුණි.ඒ දුරස්තභාවයද රැකෙන පරිද වාඩිවි සි⁣ටිමේ පහසුකම් ද සහිතවය.එහෙත් මේ කුඩාරම් සියල්ල පසුවවත ගලවා ඉවත් කර තිබුනේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ රථගාලට ඉඩලබාගැනිම වෙනුවෙනි.මේ නිසා දැන් රෝගින්ට තම වාරය පැමිණෙන තෙක් අව්වේම සිටිමට සිදුව තිබේ.

රෝහල තුල මෙවන් දරුණු අර්බුදයක් නිර්මාණය වි ඇත්තේ හිටපු රෝහල් අධ්‍යක්ෂකවරිය වෙනුවට මධ්‍යම පළාතට සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙසින් පත්ව්ම් ලැබ සිටි අයෙකු මිගමුව රෝහලේ එක්තරා ⁣විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උවමනාව නිසා තාවකාලිකව ගෙන ඒම හේතුකොටගෙනය.මේ වන විට එසේ තාවකලිකව සිටි අධ්‍යක්ෂවරයා සිය පත්විම ලැබ මධ්‍යම පළාතට ගොස් තිබේ.ඒබැවින් මිගමු රෝහලට අධ්‍යක්ෂකවරයෙකු නැත.

අද ගම්පහ දිස්ත්‍රික්කය පත්ව ඇති බරපතල තත්වය හමුවේ මීගමුව රෝහලට පැවරි ඇති කාර්යභාරය අතිමහත්ය.එහෙත් දේශපාලන බලපුලුවන්කාරකම් මත ඒකාධිපතියන් සේ රඟන ඇතැම් අය නිසා මීගමු රෝහල දිනෙන් දින අර්බුදයට යමින් තිබේ.