වෛද්‍යාචාර්්‍ය සනත් මහතා ඇතුළු පස් දෙනෙක් අද සෙල්ල කන්ද සුසානභූමියේදී මිහිදන් කෙරේ

0
215

DSC_0471(3.19pm)  පසුගිය විසිඑක්වෙනි දා (  ඉරිදා)  සිදුවූ  ඛේදවාචකයෙන්  මියගිය  අයගේ  මළ  සිරුරු  පහක්  මීගමුව  සෙල්ලකන්ද  සුසාන භූමියේ  අද  මිහිදන්  කරන  ලදී.  මෙම  මළ  සිරුරු  අතර  කටුවපිටිය  ප්‍රදේශයේ  වෛද්‍ය  සනත්  මහතා  සහ  ඔහුගේ  බිරිඳ  වන  ඉන්දිරා  මහත්මියද   විය.  පෙරවරු  10 .00ට  පමණ  කටුවපිටිය  දේවස්ථානයේ  ආගමික  කටයුතු  වලින්  අනතුරුව  මෙම  මළ  සිරුරු  සෙල්ලකන්ද  සුසාන භූමිය  වෙත  රැගෙන  එන  ලදී.  මෙහිදී  සනත්  මහතා  සහ  ඔහුගේ  බිරිඳගේ  ආදාහන  කටයුතු  ප්‍රථමයෙන්  සිදුවූ  අතර  මේ  සඳහා  පියතුමන්ලා ,  දේශපාලකයින්  ඇතුළු  විශාල  පිරිසක්  සහභාගී  විය.  මේ වනවිට  මෙම  සුසානභූමියේ  අදාල  ප්‍රශ්ණයට  මුහුණදී  මියගිය  අයගේ  මළ සිරුරු  23ක්  මිහිදන්  කර  ඇත.   සුසාන භූමිය  තුළදීද  පියතුමෙකු  විසින්  කරන ලද  ආගමික  මෙහෙයෙන්  පසුව  මළ  සිරුරු  මිහිදන් කිරීමෙන්  පසු  සෙල්ලකන්ද  සුසානභූමියේ    භූමදාන  කටයුතු  අවසන්  කරන  ලදී.DSC_0496 DSC_0455 DSC_0471

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here